ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා මැදපෙරදිග කලාපයේ ගුවන් ගමන් සම්බන්ධයෙන් මේ දිනවල ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ඒත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන ගුවන් සේවා වන එමිරේට්ස්, එතිහාඩ්, ෆ්ලයි ඩුබායි සහ එයාර් අරාබියා සමාගම් තමන්ගේ ගුවන් ගමන් බහුතරයක් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනවා. දැනට එමීර් රාජ්‍යයේ කිසිදු ගුවන් තොටුපළක් සම්පූර්ණයෙන්ම වසා දමා නැති අතර, බහරේන් සහ අභා වැනි විශේෂිත ගමනාන්ත කිහිපයකට පමණක් ගුවන් ගමන් සීමා කරලා තියෙනවා.
කෙසේ වෙතත්, යුරෝපීය ගුවන් සේවා ආරක්ෂක ඒජන්සියේ උපදෙස් මත ලුෆ්තාන්සා, බ්‍රිතාන්‍ය ගුවන් සේවය සහ සිංගප්පූරු ගුවන් සේවය වැනි විදේශීය ගුවන් සමාගම් කිහිපයක්ම ඩුබායි සහ අබුඩාබි වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර අරන් තියෙනවා. මේ තීරණය ගෙන තියෙන්නේ කලාපයේ පවතින මිසයිල සහ ඩ්‍රෝන යානා ආශ්රිත ආරක්ෂක අවදානම් සැලකිල්ලට ගනිමින්. ඒ නිසා යුරෝපීය ගුවන් සමාගම්වලට අදාළ ගුවන් කලාප මඟහැර යාමට උපදෙස් ලැබිලා තියෙනවා.
ඔබත් මේ දිනවල විදේශ ගමන් සඳහා සූදානම් වෙනවා නම්, ඔබේ ගුවන් ගමන් වාරයේ තත්ත්වය ගැන අදාළ ගුවන් සමාගමෙන් නිවැරදි තොරතුරු ලබාගන්නා ලෙස බලධාරීන් උපදෙස් දෙනවා. ආරක්ෂක තත්ත්වය අනුව ගුවන් ගමන් කාලසටහන් නිරන්තරයෙන් වෙනස් වෙන්න පුළුවන් නිසා, ගුවන් තොටුපළට යන්න කලින් ඒ ගැන හොඳින් විමසිලිමත් වෙන්න කියලා අපි මතක් කරනවා.

Discussion & Feedback