එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් තවත් රටවල් හයක පුරවැසියන් සඳහා ‘වීසා ඔන් අරයිවල්’ හෙවත් ගුවන් තොටුපළට පැමිණි පසු වීසා ලබා ගැනීමේ පහසුකම පුළුල් කර තිබෙනවා. ඒ අනුව ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, පිලිපීනය, කෙන්යාව සහ දකුණු අප්‍රිකාව යන රටවල පුරවැසියන්ට දැන් එම පහසුකම හිමිවෙනවා. කෙසේ වෙතත්, මේ සඳහා සුදුසුකම් ලැබීමට නම් අදාළ පුද්ගලයන් සතුව ඇමරිකාව, බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයේ රටක්, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හෝ කැනඩාව වැනි රටක වලංගු පදිංචි බලපත්‍රයක් තිබිය යුතුමයි.
මේ නව වැඩපිළිවෙළ යටතේ සංචාරකයන්ට දින 14ක හෝ දින 60ක වීසා ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. දින 14ක වීසා බලපත්‍රය එක් වරක් දීර්ඝ කර ගැනීමේ හැකියාව තිබුණත්, දින 60ක වීසා බලපත්‍රය දීර්ඝ කිරීමට අවසර නැහැ. දින 14ක වීසා සඳහා ඩිරාම් 100ක ගාස්තුවකුත්, දින 60ක වීසා සඳහා ඩිරාම් 250ක ගාස්තුවකුත් අය කෙරෙනවා. නියමිත කාලය ඉක්මවා රටේ රැඳී සිටින අයට දිනකට ඩිරාම් 50ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවත් බලධාරීන් සිහිපත් කරනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරක කර්මාන්තය නංවාලීමට සහ විදේශීය රටවල් සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙම පියවර ගෙන තිබෙනවා. එම රටවල සංචාරකයන්ට එමීර් රාජ්‍යයේ ආර්ථිකය, සංස්කෘතිය සහ ව්‍යාපාරික අවස්ථා අත්විඳීමට මෙය කදිම අවස්ථාවක් වේවි. ඉදිරියේදීත් සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් මෙවැනි නවීන පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට එම රටේ බලධාරීන් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback