මීට වසර මිලියන 67කට පෙර ජීවත් වුණු ටිරානෝසෝරස් රෙක්ස් (T. rex) නම් දරුණු ඩයිනෝසරයාගේ පොසිලයක් ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු වෙන්දේසියකදී පවුම් මිලියන 37.4ක හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 50.1ක වාර්තාගත මුදලකට අලෙවි වෙලා තියෙනවා. ‘ගස්’ (Gus) ලෙස ආදරයෙන් නම් කර ඇති මෙම ඩයිනෝසරයාගේ ඇටසැකිල්ලෙන් 60%කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබීම විශේෂත්වයක්. අඩි 12කට වඩා උසින් යුත් මෙම පොසිලය 2021 වසරේදී ඇමරිකාවේ දකුණු ඩැකෝටා ප්‍රාන්තයේ දුෂ්කර ගොවිපළකින් තමයි හමුවෙලා තියෙන්නේ.
මෙම පොසිලය ගොඩගැනීමට වසර තුනක් ගතවී ඇති අතර, පසුව විද්‍යාගාරයේදී එය එකලස් කිරීමට තවත් වසර තුනක් ගතවෙලා තියෙනවා. එහි හිස්කබලේ ඇති සපාකෑම් සහ සුව වූ ඉළ ඇටවලින් පෙනී යන්නේ මෙම සත්වයා තම ජීවිත කාලය තුළ අනෙකුත් ඩයිනෝසරයන් සමඟ දරුණු සටන්වල නිරත වී ඇති බවයි. මෙම මිලදී ගැනීමත් සමඟ ඩයිනෝසර පොසිල එකතු කිරීමේ නව යුගයක් ආරම්භ වී ඇති බව විද්‍යාඥයන් පවසනවා.
මෙම දැවැන්ත පොසිලය මිලදී ගත්තේ කවුද කියන එක තවමත් රහසක්. නමුත් මීට පෙර වාර්තා තැබූ ඩයිනෝසර පොසිල බොහෝ විට කෞතුකාගාරවල ප්‍රදර්ශනය සඳහා ලබා දෙන නිසා, ඉදිරියේදී අපිටත් මේ අපූරු ටිරානෝසෝරස් රෙක්ස් පොසිලය කෞතුකාගාරයකදී දැකගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback