ජපානයේ ඔකිනාවා සහ අමාමි දූපත් ආශ්‍රිතව හමා ගිය ‘ඩොල්ෆින්’ සුළි කුණාටුව නිසා මේ වන විට ප්‍රදේශ රැසක ජන ජීවිතය දැඩි ලෙස අඩාල වෙලා තියෙනවා. පැයට කිලෝමීටර් 162ක වේගයකින් හමා ගිය මේ ප්‍රබල කුණාටුව නිසා නිවාස සහ ගොඩනැගිලි 44,000කට වැඩි ප්‍රමාණයක විදුලිය විසන්ධි වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රබල සුළං හේතුවෙන් වැඩිහිටියන් පස් දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙන අතර, නාගෝ නගරයේ ගස් කඩා වැටීම සහ වාහන පෙරළී යාම වැනි සිදුවීම් රැසක් වාර්තා වෙනවා. නාහා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් සියල්ලම පාහේ අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
ජපානයෙන් පසුව මෙම සුළි කුණාටුව චීනයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑම් කරනු ඇතැයි කාලගුණ විද්‍යා අංශ අනතුරු අඟවනවා. මේ වන විටත් චීනයේ ෂෙජියැන්ග් පළාතේ ගුවන්තොටුපළවල් වසා දමා ඇති අතර, බෝට්ටු සහ තොටුපළ සේවා සියල්ලම නතර කර තිබෙනවා. එල් නිනෝ තත්ත්වය නිසා මෙවර සුළි කුණාටුවල තීව්‍රතාවය වැඩි වී ඇති බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ. කුණාටුවෙන් සිදුවිය හැකි හානි අවම කරගන්නා ලෙස බලධාරීන් ජනතාවට දිගින් දිගටම උපදෙස් ලබා දෙනවා.

Discussion & Feedback