ජෝර්දානයේ ස්ථානගත කර තිබූ ඇමරිකානු හමුදා කඳවුරකට ඉරානය විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් ඇමරිකානු සෙබළුන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු අතුරුදහන් වී ඇති බව ඇමරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය හෙවත් CENTCOM නිවේදනය කරනවා. පසුගිය ජූලි 17 වැනිදා මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, එය කලාපය තුළ පවතින උණුසුම් තත්ත්වය තවත් උග්‍ර කර තිබෙනවා. ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් සෙබළුන් හතර දෙනෙකු වහාම ජෝර්දානයේ රෝහල් වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබා දුන් අතර, ඔවුන් මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. සුළු තුවාල ලැබූ සෙබළුන් පිරිසක් නැවතත් තම රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මියගිය සෙබළුන්ගේ පවුල්වල ඥාතීන්ට දැනුම් දීමෙන් පසු පැය 24ක් ගතවන තුරු ඔවුන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බව බලධාරීන් පවසනවා. ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් කලාපය පුරාම මේ වන විට දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. දෙපාර්ශ්වයම එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කරගැනීම නිසා ඉදිරියේදී තත්ත්වය තවත් බරපතළ විය හැකි බවටයි විදෙස් මාධ්‍ය අනතුරු අඟවන්නේ. කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, අතුරුදහන් වූ සෙබළා සොයා මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතිනවා.

Discussion & Feedback