ඇමරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයෙන් සරම්ප රෝගය වැළඳුණු පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මොවුන් දෙදෙනාම සරම්ප සඳහා ලබාදෙන එන්නත ලබාගෙන නොසිටි අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ වසරේදී පමණක් පෙන්සිල්වේනියාවෙන් සරම්ප රෝගීන් 393 දෙනෙකු වාර්තා වී ඇති අතර, සමස්ත ඇමරිකාව පුරාම පසුගිය වසර 35 තුළ වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ලැන්කැස්ටර් ප්‍රාන්තයේ ළමුන්ගේ එන්නත්කරණ ප්‍රතිශතය 85%ක් වැනි අඩු මට්ටමක පැවතීම රෝගය පැතිරීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. රෝගය පාලනය කර ගැනීමට නම් අවම වශයෙන් 95%ක ප්‍රතිශතයක් අවශ්‍ය බව වෛද්‍යවරු පෙන්වා දෙනවා.
පෙන්සිල්වේනියා සෞඛ්‍ය ලේකම් ඩෙබ්රා බෝගන් පවසන්නේ සරම්ප රෝගය වසර ගණනාවකට පසු නැවතත් හිස ඔසවා ඇති නිසා ජනතාව එහි බරපතලකම ගැන එතරම් දැනුවත් නොවන බවයි. මේ අතර, ඇමරිකාවේ වත්මන් රජය විසින් එන්නත්කරණය සම්බන්ධයෙන් ගෙන ඇති ඇතැම් තීරණ සහ එන්නත් පිළිබඳව සමාජයේ පවතින නොමඟ යවන සුළු මතවාද හේතුවෙන් එන්නත් ලබාගැනීමේ ප්‍රවණතාවය පහළ ගොස් තිබෙනවා. වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවන්නේ, එන්නත් ලබාගැනීම මගහැරීමෙන් සරම්ප වැනි මාරාන්තික රෝග නැවතත් සමාජය තුළ වසංගතයක් ලෙස පැතිරීමේ අවදානමක් පවතින බවයි. එබැවින්, දරුවන් ඇතුළු සියලුම දෙනා නියමිත කාලයට MMR එන්නත ලබාගැනීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරනවා.

Discussion & Feedback