වත්තල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ඉන්දියාවේ ධනුෂ්කොඩි ප්‍රදේශයේදී එරට සමුද්‍රීය පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මොවුන් නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් තිබියදීයි මෙලෙස අත්අඩංගුවට පත්වෙලා තියෙන්නේ. ඉන්දීය වෙරළබඩ ආරක්ෂක අභ්‍යාසයක් අතරතුර සැකකටයුතු ලෙස හැසිරුණු මොවුන්ව පොලිසිය විසින් නිරීක්ෂණය කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජී. විග්නේෂ්වරන් සහ 30 හැවිරිදි එම්. ලුසිනාත් ලෙස හඳුනාගෙන තියෙනවා. මොවුන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වෙලා තියෙන්නේ, පසුගිය බ්‍රහස්පතින්දා වත්තල සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට මොවුන් සම්බන්ධ බවයි. මීට අමතරව, මොවුන්ට එරෙහිව මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු තුනක්ද ලංකාවේ විභාග වෙමින් පවතින බව වාර්තා වෙනවා.
දැනට මෙම සැකකරුවන් දෙදෙනා තිරුචි බන්ධනාගාරයේ විශේෂ කඳවුරක රඳවා තබා තිබෙනවා. ශ්‍රී ලංකා බලධාරීන් කළ ඉල්ලීමකට අනුව, ඉදිරි සතියක කාලය තුළ මොවුන්ව නැවත ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතිනවා.

Discussion & Feedback