අරණායක ප්රදේශයේදී ආරක්ෂිත සතෙකු වන මුවෙකු දඩයම් කර මස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක්ව බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පසුගිය අඟහරුවාදා (11) සිදුකළ වැටලීමකදී තමයි මේ සැකකරුවන් දෙදෙනා අල්ලගන්න පුළුවන් වුණේ. අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 52ක් සහ 62ක් වන අරණායක ප්රදේශයේම පදිංචිකරුවන් බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
මේ සැකකරුවන් බොහෝ කාලයක සිට කේබල් උගුල් භාවිතා කරමින් කඳුකර ප්රදේශවල සතුන් දඩයම් කරමින් නීතිවිරෝධී ලෙස මස් ජාවාරමේ නිරත වෙලා තියෙනවා. වැටලීම සිදුකරන අවස්ථාවේදී ඔවුන් සතුව තිබී මුව මස් කිලෝග්රෑම් 10ක්, සතුන් දඩයම් කිරීමට යොදාගත් කේබල් උගුල් පහක්, මුව හම සහ සතාගේ හිස සොයාගන්න නිලධාරීන්ට හැකි වුණා. වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ ඉදිරි දිනකදී අරණායක සංචාරක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලය මගින් සිදුකරනවා.

Discussion & Feedback