ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ ආයතනයක් වන වෝග් ජුවලර්ස්, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරව ඔවුන්ගේ නවතම සන්නාම තානාපතිවරයා ලෙස නිල වශයෙන් නම් කර තිබෙනවා. දශක හයකට අධික කාලයක් තිස්සේ විශ්වාසය සහ ගුණාත්මකභාවය වෙනුවෙන් කැපවී කටයුතු කරන වෝග් ආයතනය, සංගක්කාර වැනි විශිෂ්ට චරිතයක් සමඟ එක්වීම සැබැවින්ම සුවිශේෂී සිදුවීමක්. විනය, නායකත්වය සහ විශිෂ්ටත්වය යන ගුණාංග දෙපාර්ශවයටම පොදු වීම මෙම හවුල්කාරිත්වයේ ඇති විශේෂත්වයයි.
වෝග් ජුවලර්ස්හි කළමනාකාර අධ්යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා පවසන පරිදි, මෙය හුදෙක් ව්‍යාපාරික ගිවිසුමකට එහා ගිය දෙයක්. ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලෝකය හමුවේ ඔසවා තැබූ දෙදෙනෙකු එකම අරමුණක් වෙනුවෙන් එක්වීම මෙහිදී සිදුවෙනවා. විශේෂයෙන්ම වෝග් ආයතනය මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර දක්වා සිය සේවාවන් ව්‍යාප්ත කරමින් ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලාංකේය ස්වර්ණාභරණ කලාව ප්‍රචලිත කිරීමට කටයුතු කරන මොහොතක, සංගක්කාරගේ මෙම සම්බන්ධවීම ඉතා වැදගත් වෙනවා.
මෙම අවස්ථාවේදී සංගක්කාර වෙනුවෙන් වෝග් ජුවලර්ස් විසින් විශේෂයෙන් නිර්මාණය කරන ලද රන් ආලේපිත ක්‍රිකට් පිත්තක් ද තිළිණ කෙරුණා. තමන් කරන ඕනෑම කාර්යයකදී උපරිම ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම යන පොදු අරමුණ පෙරදැරිව, ඉදිරියේදී මෙම දෙපාර්ශවයම එක්ව ශ්‍රී ලාංකේය නාමය ජාත්‍යන්තරය තුළ තවදුරටත් බැබළවීමට බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback