ප්‍රංශයේ අන්තර්ජාලය හරහා අතිශය ජනප්‍රියව සිටි වීඩියෝ නිර්මාණකරුවෙක් වන රෆායෙල් ග්රේවන්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට තීන්දුවක් ලැබිලා තියෙනවා. ඔහු තමන්ගේ විකාශන තුළදී නිතරම අන් අයගේ අපහාසවලට සහ ප්රචණ්ඩ ක්‍රියාවලට ලක් වුණ කෙනෙක්. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඔහු මියගොස් සිටියදී හමුවුණේ නයිස් නගරයට ආසන්න ගම්මානයකදී. ඔහුගේ මරණය සිදුවන අවස්ථාවේදී එය ‘කික්’ (Kick) වේදිකාව හරහා සජීවීව විකාශය වෙමින් තිබුණා. මේ සිදුවීමට සම්බන්ධ සෆීන් හමාඩි සහ ඕවන් සෙනසැන්ඩොටි කියන පුද්ගලයන් දෙදෙනාට එරෙහිව නඩු විභාගය අවසානයේ ඔවුන්ට අත්හිටවූ සිරදඬුවම් නියම කර තිබෙනවා.
අධිකරණය හමුවේ ඔවුන් පවසා තිබුණේ ග්රේවන්ගේ කැමැත්ත මතම මේ දේවල් සිදු වූ බවයි. ඔහුගේ මරණයට සෘජුවම ඔවුන් වගකිව යුතු බවට චෝදනා එල්ල නොවුණත්, ඔවුන්ට දඩ මුදල් ගෙවීමටත්, මාස හයක කාලයක් ‘කික්’ වේදිකාවේ වීඩියෝ පළ කිරීම තහනම් කිරීමටත් නියෝග කර තිබෙනවා. ග්රේවන්ගේ මරණයට ඔහුගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය සහ හෘදයාබාධයක් බලපාන්නට ඇති බවයි විමර්ශනවලදී හෙළි වුණේ. කෙසේ වෙතත්, මේ සිදුවීමත් සමඟ අන්තර්ජාලය හරහා සිදුකරන මෙවැනි අමානුෂික අභියෝග සහ විකාශන සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇති වෙලා තියෙනවා. මේ වන විට ‘කික්’ වේදිකාව සම්බන්ධයෙන්ද බලධාරීන්ගේ පරීක්ෂණ තවදුරටත් සිදුවෙමින් පවතිනවා.

Discussion & Feedback