කොළඹ ජාතික රෝහලේ අලුතින් හදපු හෘද රෝග කතිකරණ විද්‍යාගාර (Cath Labs) දෙකක් සහ නවීකරණය කරපු හෘද රෝග දින ප්‍රතිකාර ඒකකය හෙට (ජූලි 2) දින සිට රෝගීන් වෙනුවෙන් විවෘත කරන්න නියමිතයි. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 3.00ට මේ නව පහසුකම් ජනතා අයිතියට පත් කෙරෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ තමයි මේ නවීන පහසුකම් රෝහලට එකතු වෙලා තියෙන්නේ.
මේ සතිය ඇතුළත රජයේ රෝහල් පද්ධතියට අති නවීන තාක්ෂණයෙන් යුත් කතිකරණ විද්‍යාගාර හතරක් එකතු වීම විශේෂත්වයක්. මීට පෙර යාපනය ශික්ෂණ රෝහලේ සහ කළුබෝවිල ශික්ෂණ රෝහලේත් මෙවැනි ඒකක විවෘත වුණා. මේ නව ඒකකවල තියෙන විශේෂත්වය තමයි කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් රෝගීන්ගේ හෘද රෝග හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේදී විකිරණ නිරාවරණය අවම කරමින් ඉතා පැහැදිලි රූප රාමු ලබාගැනීමේ හැකියාව තිබීම. මේ නිසා හෘද රෝගීන්ගේ පෝලිම් අඩු කරලා, ඉතා ඉක්මනින් සහ නිවැරදිව ප්‍රතිකාර ලබා දෙන්න වෛද්‍යවරුන්ට ලොකු පහසුවක් වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන විදිහට මේ ව්‍යාපෘතිය හරහා රටේ හෘද රෝග ප්‍රතිකාර සේවාවන් තවත් ඉහළ මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. රෝගීන්ට තවදුරටත් දිගු කාලයක් පෝලිම්වල ඉන්න අවශ්‍ය වෙන්නේ නැති අතර, නවීන තාක්ෂණයත් එක්ක වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාගන්න පුළුවන්කම ලැබෙනවා.

Discussion & Feedback