දකුණු අප්‍රිකාවේ ප්‍රදේශ දෙකක සිදුවූ දරුණු වෙඩි තැබීම් දෙකක් නිසා මේ වන විට පුද්ගලයින් විසි හත් දෙනෙකු මියගොස් තියෙනවා. ජොහැන්නස්බර්ග් නුවර ආසන්නයේ පිහිටි බාර් එකකට සෙනසුරාදා රාත්‍රියේ කඩා වැදුණු සන්නද්ධ කල්ලියක් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් දහහත් දෙනෙකු මියගොස් තවත් පහළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම ප්‍රහාරයෙන් පසු සැකකරුවන් වාහන කිහිපයකට ගිනි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මීට අමතරව, ඉරිදා අලුයම කේප් ටවුන් නුවර ආසන්නයේ පිහිටි විනෝදාස්වාද මධ්‍යස්ථානයක් අසලදී සිදුවූ තවත් වෙඩි තැබීමකින් තවත් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් එකොළොස් දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.
දකුණු අප්‍රිකාව කියන්නේ ලෝකයේ වැඩිම මිනීමැරුම් සිදුවන රටවල් අතරින් එකක්. පසුගිය කාලය පුරාම එරට තුළ කල්ලි ගැටුම් සහ නීති විරෝධී ගිනි අවි භාවිතය නිසා විශාල ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. දිනකට සාමාන්‍යයෙන් මිනීමැරුම් හැටක් පමණ වාර්තා වන බවයි සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ නීති විරෝධී පතල් කැණීම් ආශ්‍රිතව සිදුවන මෙම ගැටුම් පාලනය කිරීමට රජය හමුදාව පවා යොදවා තිබුණත්, තවමත් මේ තත්ත්වය පාලනය කරගැනීමට අපහසු වී තිබෙනවා. මෙම නවතම ප්රහාරයන්ට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වමින් ඉන්නවා.

Discussion & Feedback