ප්‍රංශයේ නීම්ස් ප්‍රදේශයේ මිදි වත්තක තිබී සොයාගත් පිළිස්සුණු මළ සිරුර ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන සෝනියා බෙලිනාගේ බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා. සිය 30 වැනි උපන්දිනය සැමරීමට සූදානම් වෙමින් සිටි 29 හැවිරිදි මෙම තරුණිය, තම පවුලේ අය හමුවීමට ප්‍රංශයේ දකුණු ප්‍රදේශයට පැමිණ සිටියදීයි මෙවැනි ඛේදජනක ඉරණමකට මුහුණ දී ඇත්තේ. ටික්ටොක් සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රියව සිටි ඇයගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියට ඔවුන්ගේ සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවයි නීම්ස් නගරයේ නඩු පවරන්නා සඳහන් කරන්නේ.
අගෝස්තු 12 වැනිදා ගොවියෙකු විසින් මෙම සිරුර සොයා ගැනීමෙන් පසු පොලිසිය මිනීමැරුම් පරීක්ෂණයක් ආරම්භ කළා. බෙලිනාගේ පවුලේ නීතිඥවරයා පවසන පරිදි, ඇයගේ සිරුර ඉතා අමානුෂික ලෙස කුණු ගොඩක් මෙන් දමා ගොස් තිබීම මුළු රටම කම්පනයට පත් කළ සිදුවීමක්. මේ අතර, ඇයගේ පවුලේ අය සමාජ මාධ්‍ය හරහා එල්ල වන විවිධ අසත්‍ය ප්‍රචාර සහ හිරිහැර හමුවේ දැඩි පීඩාවකට පත්ව සිටිනවා. කෙසේ වෙතත්, පවුලේ අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්, අසත්‍ය තොරතුරු පතුරුවන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නීතිඥවරයා අවධාරණය කරනවා. මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Discussion & Feedback