පසුගිය කාලේ සමාජ මාධ්‍ය ඔස්සේ හරිම වේගයෙන් වෛරල් වුණු වීඩියෝවක් නිසා ගොඩක් දෙනෙක් කතා වුණා. ඒ තමයි වස්කඩුව, පොතුපිටිය සතොස අලෙවිසැලක් ඉස්සරහදී සුනඛයෙක්ව මරා දාපු සිද්ධිය. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 2025 අගෝස්තු 07 වැනිදා. මේ ගැන ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ පවත්වපු පොතුපිටිය පොලිසියේ නිලධාරීන්, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක්ව පසුගිය ජූනි 25 වැනිදා අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කළා. දැනට මේ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරලා තියෙනවා.
පොලිසිය කියන විදිහට මේ සිද්ධිය පිටිපස්සේ තියෙන්නේ වෙනත් කතාවක්. එදා දවසේ මේ සුනඛයා නව හැවිරිදි දැරියක්ව සපා කාලා තියෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඒ දැරියගේ ඥාතීන් වෙනවා. පස්සේ මේ සැකකරුවන් විසින්ම මරා දැමූ සුනඛයාගේ හිස පරීක්ෂණ සඳහා රසායනාගාරයකට යොමු කරලා තියෙනවා. ඒ වාර්තාවලින් තහවුරු වෙලා තියෙන්නේ එම සුනඛයා ජලභීතිකා රෝගයෙන් පෙළී සිටි බවයි. කොහොම වුණත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් පොතුපිටිය පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වනවා.

Discussion & Feedback