Twilight චිත්රපට මාලාවෙන් ලොව පුරා ජනප්රිය වුණු නළු කෙලන් ලුට්ස්, අලුත්ම සිනමා නිර්මාණයකට එකතු වෙන්න සූදානම් වෙනවා. ‘The Rescue’ කියලා නම් කරලා තියෙන මේ සිනමා පටය ඇදෙන්නේ ඇදහිල්ල සහ ජීවිතය බේරා ගැනීමේ අරගලය තේමා කරගත් ත්රාසජනක කතාවක් වටායි. මේ චිත්රපටයේ කතාවට අනුව, දරුණු කුණාටුවකට හසුවෙලා ඇලස්කාවේ හිම කන්දක අතරමං වෙන ගලවා ගැනීමේ කණ්ඩායමකට මුහුණ දෙන්න සිද්ධ වෙන අභියෝග සහ ඔවුන්ගේ විශ්වාසය පරීක්ෂාවට ලක්වෙන ආකාරය ගැන මෙහිදී දැකගන්න පුළුවන්.
මේ චිත්රපටයේ නිෂ්පාදන කටයුතු 2027 ජනවාරි මාසයේදී නවසීලන්තයේදී ආරම්භ කිරීමට නියමිතයි. චිත්රපටය අධ්යක්ෂණය කරන්නේ ඩැරන් සිමන්ඩ්ස් සහ ජැරඩ් වැන් බර්කල් විසින්. Premiere Entertainment Group ආයතනයේ ප්රධාන විධායක නිලධාරී එලියාස් ඇක්සුම් පවසන විදිහට, කෙලන් ලුට්ස් වගේ ජනප්රිය නළුවෙක් මේ වගේ ගැඹුරු හැඟීම්බර කතාවකට සම්බන්ධ කරගැනීම ගැන ඔවුන් ගොඩක් සතුටු වෙනවා. දැනටමත් ටොරොන්ටෝ ජාත්යන්තර සිනමා උළෙලේදී මේ චිත්රපටය පිළිබඳව ජාත්යන්තර ගැනුම්කරුවන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා.
කෙලන් ලුට්ස් මීට කලින් ‘The Expendables 3’ වගේ චිත්රපටවලින් තමන්ගේ රංගන හැකියාව පෙන්නලා තියෙන නිසා, මේ අලුත්ම නිර්මාණයත් ප්රේක්ෂකයන් අතර ලොකු කතාබහක් ඇති කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉදිරියේදී මේ චිත්රපටයට එකතු වෙන අනෙක් නළු නිළියන් කවුද කියන එක ගැනත් රසිකයන් ගොඩක් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback