දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට නැගෙනහිරින් පිහිටි එකුරුලේනි ප්‍රදේශයෙන් පසුගිය මාස දෙකක කාලය තුළ කාන්තාවන් දොළොස් දෙනෙකුගේ මළ සිරුරු හමුවීමත් සමඟ එරට ජනතාව දැඩි බියකට පත්වෙලා. මෙම ඛේදවාචකය ආරම්භ වුණේ පසුගිය ජූලි මාසයේදී බුසිස්වේ මහලංගු නම් කාන්තාවගේ සිරුර හමුවීමත් සමඟයි. එතැන් පටන් මේ දක්වා අඛණ්ඩව කාන්තාවන්ගේ සිරුරු විවිධ ස්ථානවලින් හමුවෙමින් පවතින අතර, බොහෝ සිරුරු හමුවී තිබෙන්නේ අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම නිරුවත් කර, තුවාල සහිතවයි. මියගිය අය අතර තරුණ මව්වරුන් සහ දිනපතා ව්‍යායාමයේ යෙදෙන කාන්තාවන් පවා සිටින බව වාර්තා වෙනවා.
පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර තිබුණත්, මේ සියලු ඝාතන එකම පුද්ගලයෙකු විසින් සිදුකළාද යන්න තවමත් තහවුරු කරගෙන නැහැ. සිද්ධි කිහිපයකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණත්, බොහෝ ඝාතනවලට වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ සිටීම ජනතාවගේ දැඩි කනස්සල්ලට හේතු වෙලා. විශේෂයෙන්ම කාන්තාවන්ට එරෙහිව සිදුවන මෙවැනි ප්රචණ්ඩ ක්‍රියා දකුණු අප්‍රිකාවේ සමාජය තුළ විශාල කම්පනයක් ඇති කර තිබෙනවා. මේ වන විට පොලිසිය පවසන්නේ මාලා දාම ඝාතකයෙකුගේ ක්‍රියාකාරකමක් තිබිය හැකි බව බැහැර කළ නොහැකි බවයි. කෙසේ වෙතත්, මෙම අභිරහස් මරණ මාලාව පිටුපස ඇති සත්‍යය සොයා ගැනීමට එරට බලධාරීන් දැඩි උත්සාහයක නිරත වෙනවා.

Discussion & Feedback