දකුණු අප්රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයට නැගෙනහිරින් පිහිටි එකුරුලේනි ප්රදේශයෙන් පසුගිය මාස දෙකක කාලය තුළ කාන්තාවන් දොළොස් දෙනෙකුගේ මළ සිරුරු හමුවීමත් සමඟ එරට ජනතාව දැඩි බියකට පත්වෙලා. මේ සිදුවීම් මාලාව ආරම්භ වුණේ ජූලි මාසයේදී බුසිස්වේ මහලංගු නම් කාන්තාවගේ සිරුර හමුවීමත් සමඟයි. එතැන් සිට සැප්තැම්බර් මාසය අවසානය දක්වාම ඉතාමත් කෲර ලෙස ඝාතනය කරන ලද කාන්තාවන්ගේ සිරුරු එකින් එක හමුවීම රටම කම්පාවට පත් කර තිබෙනවා. බොහෝ සිරුරු හමුවී තිබෙන්නේ අඩ නිරුවතින් හෝ තුවාල සහිතවයි. විශේෂයෙන්ම එලිසබෙත් මොසෙලක්ගෝමෝ වැනි කාන්තාවන්ගේ මරණ නිසා ප්රදේශවාසීන් දැඩි විරෝධතා පවා පවත්වන්න පටන් ගත්තා.
පොලිසිය මේ වන විට සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණත්, මේ සියලු මරණ එකම පුද්ගලයෙකු විසින් සිදු කළාද යන්න තවමත් තහවුරු කර නැහැ. කෙසේ වෙතත්, පොලිසිය පවසන්නේ අනුක්රමික ඝාතකයෙකුගේ (serial killer) ක්රියාකාරකමක් තිබිය හැකි බව බැහැර කළ නොහැකි බවයි. කාන්තාවන්ට එරෙහිව සිදුවන මෙවැනි දරුණු ප්රචණ්ඩ ක්රියා දකුණු අප්රිකාවේ දිගු කලක් තිස්සේ පවතින බරපතල සමාජ ගැටලුවක් බවට පත්වෙලා. මේ වන විටත් පොලිසිය විසින් පරීක්ෂණ පුළුල් කර ඇති අතර, වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

Discussion & Feedback