ඊජිප්තුවේ ඉතාමත් ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනක් වන ‘මිෂන් ඉම්පොසිබල්’ හරහා අපරාධ පිළිබඳව කතා කළ සාරා කලීෆා ඇතුළු දොළොස් දෙනෙකුට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සහ නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීම යන බරපතල චෝදනා යටතේ ඔවුන්ව වරදකරුවන් කර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම තීන්දුව ලබා දීමට පෙර ඊජිප්තුවේ ප්‍රධාන මුෆ්තිවරයාගේ ආගමික මතය ද ලබාගෙන ඇති අතර, එය එරට නීතිය අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අනිවාර්ය පියවරක් වෙනවා.
මෙම සිද්ධියට අදාළව තවත් නව දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇති අතර, හත් දෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබෙනවා. තමන්ට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන සාරා කලීෆා පවසන්නේ තමන් මත්ද්‍රව්‍ය දැක ඇත්තේ පවා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී පමණක් බවයි. කෙසේ වෙතත්, අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන සහ සාක්ෂි මත පදනම්ව ඇයට මෙම දඬුවම ලැබී තිබෙනවා. මේ වන විට ඇයගේ නීතිඥවරුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බවයි වාර්තා වෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් කිලෝග්‍රෑම් 750කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ නිෂ්පාදන උපකරණ අත්අඩංගුවට ගෙන තිබීම ද විශේෂත්වයක්.

Discussion & Feedback