තුර්කියේ LGBTQ+ ප්‍රජාව ඉලක්ක කරගෙන පසුගිය දිනවල දැවැන්ත වැටලීම් මාලාවක් සිදුවුණා. ‘මගේ පවුල සුරක්ෂිතයි’ යන තේමාව යටතේ රජය විසින් දියත් කර තිබෙන මෙම මෙහෙයුම හරහා එරට පළාත් 12කදී පුද්ගලයන් 47 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ප්‍රසිද්ධ LGBTQ+ සංවිධානයක් වන ‘Kaos GL’ හි කාර්යාල සහ ක්‍රියාකාරීන්ගේ නිවාස පවා මෙම වැටලීම්වලට ලක්ව ඇති අතර, ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් කිහිපයක් ද රජය විසින් අවහිර කර තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතරින් ඇතැමුන් සතුව මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී භාණ්ඩ තිබූ බව බලධාරීන් පවසනවා.
කෙසේ වෙතත්, මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ මෙය පවුල් සාරධර්ම ආරක්ෂා කිරීමේ මුවාවෙන් රජය විසින් දියත් කරන ලද දේශපාලනික බිය ගැන්වීමක් බවයි. තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝගන් මීට පෙර අවස්ථා කිහිපයකදීම LGBTQ+ ප්‍රජාව විවේචනය කර තිබෙනවා. මේ වන විටත් මෙම මෙහෙයුම යටතේ පුද්ගලයන් 160කට අධික පිරිසකට එරෙහිව නීතිමය පියවර ගනිමින් පවතිනවා. තුර්කියේ සමලිංගික සබඳතා නීති විරෝධී නොවුණත්, එරට පවතින සමාජීය සහ දේශපාලනික තත්ත්වය හේතුවෙන් මෙම ප්‍රජාවට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

Discussion & Feedback