ලෝක ප්රසිද්ධ රැප් ගායක ටූපැක් ෂකූර්ව මීට වසර 30කට පෙර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ලාස් වේගාස් නුවරදී නඩු විභාගයක් ආරම්භ වෙලා තියෙනවා. මේ ඝාතනය සැලසුම් කළා යැයි චෝදනා ලැබ සිටින්නේ හිටපු කල්ලි නායකයෙක් වන ඩුවාන් ‘කෙෆ් ඩී’ ඩේවිස්. ඔහු වෙඩි තැබීම සිදු නොකළත්, තමන්ගේ බෑණාට සිදුවූ පහරදීමකට පළිගැනීමක් විදිහට මේ ඝාතනය මෙහෙයවූ බවටයි පැමිණිල්ල විසින් චෝදනා කරන්නේ. ඩේවිස් තමන්ගේ මතක සටහන් පොතේ මේ ගැන විස්තර ලියා තිබුණත්, නීතිඥයන් පවසන්නේ ඒ පොතේ තියෙන්නේ ප්රබන්ධ කතා බවයි.
එදා 1996 සැප්තැම්බර් මාසයේදී මයික් ටයිසන්ගේ බොක්සිං තරගයකින් පසුව තමයි ටූපැක්ට මේ ඉරණම අත්වෙන්නේ. එදා පොලිසියට සාක්ෂි දෙන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැත්තේ ඒ කාලේ පැවති කල්ලි ගැටුම් සහ පොලිසිය කෙරෙහි තිබූ අවිශ්වාසය නිසයි. එදා ටූපැක්ව රෝහලට ගෙන යන ගිලන් රථයේ සිටි පොලිස් නිලධාරියෙක් පවසන්නේ, තමන්ට වෙඩි තැබුවේ කවුදැයි කියා ටූපැක් කිසිවක් හෙළි නොකළ බවයි. කෙසේ වෙතත්, ඩේවිස් විසින්ම විවිධ අවස්ථාවලදී ලබාදුන් ප්රකාශ සහ ඔහුගේ පොතේ සඳහන් කරුණු මේ නඩුවේදී ප්රධාන සාක්ෂි බවට පත්වෙලා තියෙනවා. වසර ගණනාවක් විසඳාගත නොහැකිව තිබූ මේ ප්රසිද්ධ ඝාතන නඩුව අවසානයේදී කෙසේ විසඳේවිද යන්න ගැන ලෝකයම බලාගෙන ඉන්නවා.

Discussion & Feedback