අප්රිකානු රටක් වන මොරිටේනියාවේ කාන්තාර ප්රදේශයක පිහිටා තිබෙන කිලෝමීටර් 40ක් පමණ විශාල වෘත්තාකාර භූ විද්යාත්මක පිහිටීමක් ගැන මේ දිනවල අභ්යවකාශ ලෝලීන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා. ‘අප්රිකාවේ ඇස’ (Eye of Africa) ලෙසින් හඳුන්වන මෙය, අභ්යවකාශයේ සිට බලන විට හරියටම යෝධ ඇසක් වගේ ඉතාමත් පැහැදිලිව දර්ශනය වෙනවා. මෙය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද කලා නිර්මාණයක් ලෙස පෙනුනත්, ඇත්තටම මෙය ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක්. මුලින්ම 1965 වසරේදී නාසා ගගනගාමීන් විසින් ඡායාරූප ගත කළ මෙම ස්ථානය, අදටත් අභ්යවකාශයේ සිටින ගගනගාමීන්ගේ නෙත් සිත් ඇදගන්නා ප්රධාන ස්ථානයක් බවට පත්වෙලා තියෙනවා.
මෑතකදී ජාත්යන්තර අභ්යවකාශ මධ්යස්ථානයේ සිටින නාසා ගගනගාමී ජෙසිකා මියර් විසින් මෙම රිචාට් ව්යුහයේ ඉතාමත් අලංකාර ඡායාරූප පෙළක් සමාජ මාධ්ය වෙත මුදාහැර තිබුණා. ඇය පවසන පරිදි, මෙම ප්රදේශයේ පවතින වර්ණ සහ හැඩතල දෙස බලන විට එය පෘථිවියේ ඇති ස්වභාවික කලා නිර්මාණයක් වගේ දැනෙනවා. පොළොවේ සිටින අපට වඩා අභ්යවකාශයේ සිටින ගගනගාමීන්ට මෙම වෘත්තාකාර වළලු සහ එහි ඇති දැවැන්ත බව වඩාත් පැහැදිලිව දැකගන්න පුළුවන්. දශක ගණනාවක් තිස්සේ විද්යාඥයන්ගේ අවධානය දිනාගත් මෙම ‘අප්රිකාවේ ඇස’, අභ්යවකාශ ගවේෂණ ඉතිහාසයේ තවත් එක් සුවිශේෂී සලකුණක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback