ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් කෘත්රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය ‘සුපර් ඉන්ටෙලිජන්ස්’ (SI) ලෙස නම් කිරීමට ගත් තීරණයත් සමඟ අන්තර්ජාල ලෝකයේ අමුතුම ආකාරයේ උනන්දුවක් ඇති වෙලා තියෙනවා. මේ හේතුව නිසා ස්ලෝවේනියාවේ නිල වෙබ් අඩවි නාමයන් වන ‘.si’ අවසානය සහිත ඩොමේන් ලියාපදිංචි කිරීමේ පෙර නොවූ විරූ ඉහළ යාමක් පසුගිය සැප්තැම්බර් මාසයේදී වාර්තා වුණා. සාමාන්යයෙන් අගෝස්තු මාසයේදී මෙවැනි වෙබ් අඩවි 2,000කට වඩා අඩු ප්රමාණයක් ලියාපදිංචි වුවත්, සැප්තැම්බර් මාසයේදී එම සංඛ්යාව 44,000ක් දක්වා 2,100%කින් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම සැප්තැම්බර් 30 වැනිදා පමණක් අලුතින් වෙබ් අඩවි 11,000ක් ලියාපදිංචි වී තිබීම ඇත්තටම පුදුම හිතෙන කාරණයක්.
ට්රම්ප් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ප්රකාශ කළේ ‘කෘත්රිම’ (Artificial) යන වචනයෙන් එය ව්යාජ එකක් ලෙස හැඟෙන බවත්, ඒ වෙනුවට ‘සුපර් ඉන්ටෙලිජන්ස්’ යන නම වඩාත් ගැලපෙන බවත්ය. මේ නිසා අනාගතයේදී මෙම නම ජනප්රිය වනු ඇතැයි සිතා බොහෝ දෙනෙක් කල්තියාම ‘SI’ අකුරු සහිත වෙබ් අඩවි නාම මිලදී ගැනීමට පෙළඹී සිටිනවා. මෙය ඇතැම් විට අනාගතයේදී වැඩි මිලකට විකිණීමේ අරමුණින් කරන ‘සයිබර්-ස්කොටින්’ (cyber-squatting) ක්රියාවක් විය හැකි බවත් විශේෂඥයන් පවසනවා. කෙසේ වෙතත්, ට්රම්ප්ගේ මෙම නව නීතිය ක්රියාත්මක කිරීමට ගත් උත්සාහය සහ ඒ ආශ්රිතව සිදුවූ අකුරු වැරදීම් වැනි සිදුවීම් මේ දිනවල අන්තර්ජාලය තුළ ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback