ඇමරිකානු තාක්ෂණික දැවැන්තයන් වන ගූගල්, ඇපල්, මෙටා සහ ඇමසන් වැනි සමාගම්වලට යුරෝපා සංගමය විසින් පනවනු ලබන දඩ මුදල් සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට දැඩි කෝපයකින් පසුවෙනවා. මෑතකදී යුරෝපා කොමිසම විසින් ගූගල් සමාගමට යුරෝ මිලියන 890ක දැවැන්ත දඩයක් පැනවීමත් සමඟ ට්‍රම්ප් මේ පිළිබඳව සිය විරෝධය ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකාව කියන්නේ යුරෝපයේ ‘කැටයක්’ නෙවෙයි කියලා පවසන ට්‍රම්ප්, ඉදිරියේදී යුරෝපා සංගමය මේ ක්‍රියාවලිය වෙනුවෙන් විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවට අනතුරු අඟවනවා.
තමන්ට අයත් ‘ටෘත් සෝෂල්’ සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ට්‍රම්ප් සඳහන් කරන්නේ, යුරෝපා සංගමය විසින් ඇමරිකානු සමාගම්වලට පනවා ඇති දඩ මුදල් සම්පූර්ණයෙන්ම ආපසු හරවා ගත යුතු බවයි. මේ සම්බන්ධයෙන් විශේෂ වෙළඳ විමර්ශනයක් ආරම්භ කිරීමටත්, යුරෝපා සංගමයට එරෙහිව දැඩි තීරුබදු පැනවීමටත් තමන් සූදානම් බව ඔහු වැඩිදුරටත් පවසනවා. ඇමරිකානු තාක්ෂණික සමාගම් ඉලක්ක කර ගනිමින් යුරෝපය ගෙන යන මෙම ක්‍රියාමාර්ග තවදුරටත් ඉවසා සිටීමට තමන් සූදානම් නැති බවයි ට්‍රම්ප් අවධාරණය කරන්නේ. ඉදිරි දිනවලදී මෙම ගැටුම ඇමරිකාව සහ යුරෝපා සංගමය අතර විශාල වෙළඳ යුද්ධයකට මඟ පෑදිය හැකි බවටයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback