කැනඩාවේ හටගෙන තියෙන දරුණු ලැව්ගිනි හේතුවෙන් පිටවන අපිරිසිදු දුමාරය ඇමරිකානු නගර රැසක් ආවරණය කරමින් පැතිරී යාම නිසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කැනඩාවට එරෙහිව දැඩි තීරණයක් අරන් තියෙනවා. කැනඩාවේ වනාන්තර නිසි ලෙස නඩත්තු නොකිරීම සහ ඔවුන්ගේ නොසැලකිලිමත්කම නිසා ඇමරිකාවේ වාතය දූෂිත වී ඇති බව පවසන ට්රම්ප්, මේ සඳහා කැනඩාවට එරෙහිව නව බදු පැනවීමට කටයුතු කරන බවට තර්ජනය කර තිබෙනවා. දැනට කැනඩාවේ ලැව්ගිනි 955ක් පමණ සක්රීයව පවතින අතර, ඉන් බහුතරයක් පාලනය කරගත නොහැකි තත්ත්වයකයි තියෙන්නේ.
ඇමරිකානු නීති සම්පාදකයින් පවසන්නේ කැනඩාවේ මෙම නොසැලකිල්ල නිසා ඇමරිකානුවන්ගේ පෙනහළු වලට විශාල හානියක් සිදුවන බවයි. කෙසේ වෙතත්, කැනේඩියානු බලධාරීන් පවසන්නේ ලැව්ගිනි පාලනය කිරීම සඳහා ඔවුන් විශාල මුදලක් ආයෝජනය කර ඇති බවත්, මෙය දේශසීමා ඉක්මවා යන ගෝලීය අභියෝගයක් බවත්ය. කැනඩාව සහ ඇමරිකාව අතර පවතින මෙම අර්බුදය නිසා දෙරට අතර සබඳතා තවදුරටත් පළුදු වී ඇති අතර, වායු දූෂණය හේතුවෙන් ඇමරිකාවේ ප්රධාන නගර රැසක වායු ගුණාත්මක භාවය ඉතාම නරක අතට හැරී තිබෙනවා. මේ වන විටත් ලක්ෂ ගණනක් හෙක්ටයාර ප්රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති අතර, ඉදිරියේදී දෙරට අතර වෙළඳ සහ දේශපාලනික ගැටුම් තවත් උග්ර වීමේ අවදානමක් පවතිනවා.

Discussion & Feedback