ඇමරිකානු තාක්ෂණික දැවැන්තයන් වන ගූගල්, ඇපල් සහ ඇමසන් වැනි සමාගම්වලට යුරෝපා සංගමය විසින් පනවා ඇති දැවැන්ත දඩ මුදල් සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි ලෙස කෝපයට පත්වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ගූගල් සමාගමට යුරෝපා සංගමය විසින් මෑතකදී යුරෝ මිලියන 890ක දඩයක් පැනවීමත් සමඟ ට්‍රම්ප් තමන්ගේ ‘ටෘත් සෝෂල්’ ගිණුම හරහා අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඇමරිකාව කියන්නේ යුරෝපයේ ‘කැටයක්’ නෙවෙයි කියලා පවසන ඔහු, මේ අසාධාරණ දඩ ගැසීම්වලට එරෙහිව යුරෝපා සංගමය විශාල වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවත්, ඒ සඳහා වහාම 301 පරීක්ෂණයක් ආරම්භ කරන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.
ට්‍රම්ප් පවසන විදිහට මේ දඩ මුදල් පනවන්නේ කිසිදු සාධාරණ හේතුවක් නැතිව ඇමරිකානු සමාගම් කොල්ලකෑමේ අරමුණින්. මේ නිසා යුරෝපා සංගමයෙන් ආනයනය කරන භාණ්ඩ මත අලුතින් බදු පැනවීමට ඔහු සූදානම් වෙනවා. ඇමරිකානු වෙළඳ නියෝජිත ජේමියසන් ග්‍රීර් ද පවසන්නේ යුරෝපා සංගමයේ මෙම ක්‍රියාකලාපය දෙරට අතර පවතින වෙළඳ ස්ථාවරත්වයට විශාල තර්ජනයක් බවයි. දැනටමත් යුරෝපය සහ ඇමරිකාව අතර පවතින වෙළඳ ගිවිසුම් සම්බන්ධ ගැටලු උත්සන්න වෙමින් පවතින පසුබිමක, ට්‍රම්ප්ගේ මෙම නව තීරණය ජාත්‍යන්තර වෙළඳපොළට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවටයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback