ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල ඉන්ධන අලෙවිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් ඉල්ලා සිටින්නේ ඉන්ධන මිල වහාම අඩු කරන ලෙසයි. තමන්ගේ ‘ටෘත් සෝෂල්’ සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දක්වමින් ඔහු පවසා තිබෙන්නේ, ඉන්ධන මිල ගණන් අසාධාරණ ලෙස ඉහළ දැමීම නීති විරෝධී බවත්, එසේ නොකරන්නේ නම් ඉදිරියේදී විශාල ගැටලු වලට මුහුණ දීමට සිදුවන බවත්ය. විශේෂයෙන්ම ගැලුමක මිල ඩොලර් 2.50ක මට්ටමට ගෙන ඒමට කටයුතු කරන ලෙස ඔහු අලෙවිකරුවන්ට උපදෙස් දී තිබෙනවා. ඇමරිකානු ජනතාව වෙනුවෙන් මෙම මිල අඩු කිරීම අනිවාර්ය බවයි ඔහු අවධාරණය කරන්නේ.
මේ අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ පවතින අධික ඉන්ධන බදු සම්බන්ධයෙන්ද ට්‍රම්ප් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. ඉන්ධන මිලට වඩා බදු මුදල ඉහළ යාම ජනතාවට කරන අසාධාරණයක් බව පවසන ඔහු, ප්‍රාන්ත රජය මේ සම්බන්ධයෙන් වහාම පියවර ගත යුතු බවයි පවසන්නේ. ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව පිළිගත්තද, තෙල් සමාගම් අසාධාරණ ලෙස ලාභ ලබන බවට චෝදනා කරමින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු අධිකරණ දෙපාර්තමේන්තුවට දැනටමත් නියෝග කර තිබෙනවා. කෙසේ වෙතත්, ඉදිරි මැතිවරණය ඉලක්ක කරගෙන ට්‍රම්ප් මෙම පියවර ගත්තද, ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල පහළ යාම එතරම් පහසු නොවනු ඇති බවයි.

Discussion & Feedback