ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සී.එන්.එන් (CNN), එම්.එස් නව් (MS NOW) සහ පොලිටිකෝ (Politico) යන ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන තුනක් ධවල මන්දිරයෙන් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. තමන් පිළිබඳව අසත්‍ය සහ පක්ෂග්රාහී පුවත් වාර්තා කරන බව පවසමින් ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති අතර, ඉදිරියේදී තවත් මාධ්‍ය ආයතනවලට මෙවැනිම තහංචි පැනවීමට ඉඩ ඇති බවටත් ඔහු අනතුරු අඟවා තිබෙනවා. තමන්ගේ පාලනයට එරෙහිව අසත්‍ය ප්‍රචාර සිදුකරන මාධ්‍ය ආයතනවලට ධවල මන්දිරයේ ඉඩක් නොමැති බවයි ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා. සී.එන්.එන් ආයතනය පවසන්නේ මෙය ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ ප්‍රහාරයක් බවයි. පොලිටිකෝ ආයතනයත් ප්‍රකාශ කරන්නේ තමන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ඕනෑම පියවරක් ගන්නා බවයි. නීති විශේෂඥයන් පෙන්වා දෙන්නේ 1977 වසරේ අධිකරණ තීන්දුවකට අනුව, ධවල මන්දිරය මාධ්‍ය සඳහා පහසුකම් සලසා ඇති පසුබිමක, වාර්තා කරන පුවත්වල අන්තර්ගතය මත පදනම්ව මාධ්‍යවේදීන්ට ප්‍රවේශය තහනම් කිරීමට ජනාධිපතිවරයාට නීතිමය හැකියාවක් නොමැති බවයි. මේ වන විටත් අදාළ මාධ්‍යවේදීන් ධවල මන්දිරයේ රාජකාරි කටයුතුවල නිරත වෙමින් සිටින අතර, මෙම තහනම ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් ලැබී නැහැ.

Discussion & Feedback