ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සහ ඇමරිකාව අතර පවතින වෙළඳ ගැටුම් උත්සන්න වෙමින් පවතින පසුබිමක, ඔන්ටාරියෝ විල ‘ඇමරිකා විල’ ලෙස නම් කිරීමට විශේෂ විධානයකට අත්සන් තබා තිබෙනවා. කැනේඩියානු භාණ්ඩ මත සියයට 50ක බදු පැනවීමෙන් පසු ඇති වූ මෙම තීරණය සම්බන්ධයෙන් ඇමරිකානු අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවට දින 30ක් ඇතුළත අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ඔහු උපදෙස් දී ඇති බවයි වාර්තා වෙන්නේ. මීට පෙර මෙක්සිකෝ බොක්ක ‘ඇමරිකා බොක්ක’ ලෙස නම් කිරීමට ගත් උත්සාහයට සමාන මෙම ක්‍රියාව, ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.
කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි ඇතුළු එරට ප්‍රාන්ත නායකයින් පවසන්නේ මෙම නම වෙනස් කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවයි. වසර 400කට වඩා පැරණි ඉතිහාසයක් ඇති මෙම විල, කැනේඩියානුවන්ට සහ ලෝකයට සැමදා ඔන්ටාරියෝ විල ලෙසම පවතින බව ඔවුන් අවධාරණය කරනවා. ජාත්‍යන්තර ජල තීරයන් නම් කිරීම සම්බන්ධයෙන් කිසිදු පොදු නීතියක් නොමැති නිසා, ඇමරිකාව ගන්නා මෙම තීරණය කැනඩාව පිළිගැනීමට බැඳී නැහැ. කෙසේ වෙතත්, ට්‍රම්ප් පවසන්නේ ඉදිරියේදී පැසිෆික් හෝ අත්ලාන්තික් සාගරවල නම් පවා වෙනස් කිරීමට තමා සූදානම් බවයි. මෙම අත්තනෝමතික තීරණය දෙරට අතර පවතින වෙළඳ යුද්ධය තවත් උග්‍ර කරනු ඇති බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback