ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට වෙසෙන අළු වෘකයන් සහ මෙක්සිකානු වෘකයන් සඳහා ලබා දී තිබූ වඳවී යාමේ තර්ජනයට ලක්වූ සතුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට අදාළ විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. ගොවීන්ගේ පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පියවර ගෙන ඇති බව පැවසුවත්, මෙය වෘකයන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. දැනට පවතින දත්ත අනුව 1998 වසරේදී හතරක් පමණක්ව පැවති මෙක්සිකානු වෘකයන්ගේ ගහනය 2025 වන විට 319ක් දක්වා වර්ධනය වී තිබුණත්, මෙම නව තීරණය නිසා එම වසර ගණනාවක උත්සාහය වතුරේ යා හැකි බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.
මෙම නියෝගය හරහා වෘකයන්ව වහාම දඩයම් කිරීමට අවසර ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම්ට දින 90ක් ඇතුළත මෙම සතුන්ගේ ගහනය ප්‍රමාණවත් ලෙස වර්ධනය වී ඇත්දැයි සොයා බලා තීරණයක් ගැනීමට නියම කර තිබෙනවා. ඇමරිකාවේ හරක් මස් මිල ඉහළ යාම සහ ගොවීන් මුහුණ දෙන ආර්ථික ගැටලු පාලනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය උත්සාහ කළත්, පරිසර සංවිධාන පවසන්නේ වෘකයන් නිසා සිදුවන හානිය ඉතා අවම බවයි. දැනටමත් ගොවීන්ට වෘකයන්ගෙන් සිදුවන හානි සඳහා වන්දි ලබා දෙන ක්‍රමවේදයක් පවතින නිසා, මෙම තීරණය දේශපාලනික උපාය මාර්ගයක් පමණක් බවයි ඔවුන්ගේ මතය වී තිබෙන්නේ.

Discussion & Feedback