ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් අභ්යවකාශ ගමන් සම්බන්ධයෙන් අලුත්ම ප්රතිපත්තියක් ප්රකාශයට පත් කර තිබෙනවා. මේ නව සැලැස්මට අනුව 2030 වසර වන විට ඇමරිකාවෙන් වසරකට රොකට් දහසකට වඩා අභ්යවකාශගත කිරීමේ ඉලක්කයක් ඔවුන් සතුයි. පසුගිය කාලයේ ස්පේස්-එක්ස් වැනි පෞද්ගලික ආයතන නිසා අභ්යවකාශ ගමන් විශාල ලෙස වැඩි වී තිබෙන අතර, මේ නව ප්රතිපත්තිය මගින් එම කටයුතු තවත් වේගවත් කිරීමට නාසා ආයතනය සහ ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.
මේ වැඩපිළිවෙල යටතේ අභ්යවකාශ ගමන් සඳහා අවශ්ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමටත්, නව දියත් කිරීමේ මධ්යස්ථාන හඳුනා ගැනීමටත් රජයේ ආයතනවලට දින 180ක කාලයක් ලබා දී තිබෙනවා. විශේෂයෙන්ම රොකට් ගොඩබෑම සඳහා අවශ්ය ඉඩම් වෙන් කිරීම සහ පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කිරීම මෙහි ප්රධාන අරමුණක්. මේ වන විටත් ස්පේස්-එක්ස් සමාගම තමන්ගේ ස්ටාර්ෂිප් රොකට් මගින් දිනකට ගමන් වාර 30ක් වැනි ඉහළ ඉලක්කයකට යෑමට සැලසුම් කරමින් සිටිනවා.
මෙම නව ප්රතිපත්තිය මගින් අභ්යවකාශයේ සිදුවන වාණිජ කටයුතු සහ ජාතික ආරක්ෂාවට අදාළ මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමට නියමිතයි. රජයේ මෙහෙයුම් සඳහා විවිධ රොකට් සේවා සපයන්නන් භාවිත කිරීමටත්, අභ්යවකාශයේදී භාණ්ඩ ප්රවාහනය සහ නඩත්තු කටයුතු සඳහා පෞද්ගලික අංශයේ සහය ලබා ගැනීමටත් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. මේ හරහා අභ්යවකාශ ක්ෂේත්රයේ විශාල පෙරළියක් ඉදිරි වසර කිහිපය තුළදී අපට බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback