ලෝකයේ තෙල් ප්‍රවාහනයට ඉතාමත් වැදගත් වන හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තමන් භාර ගන්නා බවත්, ඒ වෙනුවෙන් අදාළ රටවලින් විශාල මුදලක් අය කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ෆොක්ස් නිව්ස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ, මෙම සමුද්‍ර මාර්ගය භාවිතා කරන අනෙක් රටවල් ඉතා ධනවත් බැවින්, ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාව නොමිලේ සේවය සැපයිය යුතු නැති බවයි. තමන් මේ කලාපයේ ‘ආරක්ෂක දේවදූතයා’ ලෙස කටයුතු කරන බවත්, ඒ සඳහා එම රටවල් අනිවාර්යයෙන්ම වන්දි ගෙවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.
මේ අතර, ඇමරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් තත්ත්වය තවත් උග්‍ර වෙමින් පවතිනවා. ඉරානය පවසන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සාමාන්‍ය නැව් ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට නම් ඇමරිකාව එම කලාපයෙන් සිය හමුදා ඉවත් කර ගත යුතු බවයි. ඉරානය සමඟ ඇති කරගත් ගිවිසුම් ඔවුන් විසින් කඩ කර ඇති බවට චෝදනා කරන ට්‍රම්ප්, ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවට අනතුරු අඟවනවා. දැනටමත් දෙපාර්ශවය අතර මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හුවමාරු වෙමින් පවතින අතර, මෙය කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වේදැයි ලෝක ප්‍රජාව දැඩි කනස්සල්ලකින් පසුවනවා. මෙම ගැටුම් හේතුවෙන් ගෝලීය තෙල් මිල ඉහළ යාමේ අවදානමක්ද මතුව තිබෙනවා.

Discussion & Feedback