ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත ජයග්‍රාහී ආරුක්කුව හුදෙක් ස්මාරකයක් පමණක් නොව, එය අති නවීන හමුදා මධ්‍යස්ථානයක් ලෙසත් භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික ආරක්ෂාව වෙනුවෙන් හමුදාවේ විශේෂ ඉල්ලීමක් මත මෙම සැලසුම වෙනස් කළ බවයි ට්‍රම්ප් පවසන්නේ. මේ තුළ විශාල වශයෙන් ඩ්‍රෝන යානා ගබඩා කිරීමටත්, ඒවා ක්ෂණිකව මෙහෙයුම් සඳහා යෙදවීමටත් පහසුකම් සලසා තිබෙනවා. මීට අමතරව, ආරුක්කුවේ වහලය සහ අවට ප්‍රදේශවල ස්නයිපර් වෙඩික්කරුවන් ස්ථානගත කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය පතරොම් ගබඩා කර තැබීමටත් මෙහි ඉඩකඩ වෙන් කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
වොෂින්ටන් ඩීසී නගරයට ඔබ්බෙන් පොටෝමැක් ගංගාව අසල ඉදිකිරීමට නියමිත අඩි 250ක් උසැති මෙම ආරුක්කුව, ලෝකයේ වෙනත් කිසිදු තැනක නොමැති ආකාරයේ අද්විතීය නිර්මාණයක් වනු ඇති බව ට්‍රම්ප් පවසනවා. රන්වන් පැහැති ‘ලේඩි ලිබර්ටි’ ප්‍රතිමාවකින් සහ රාජාලීන් දෙදෙනෙකුගෙන් අලංකාර වන මෙම දැවැන්ත ව්‍යුහය, ලින්කන් ස්මාරකයට වඩා බෙහෙවින් උසින් වැඩි එකක්. ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ සිදුකරන මෙවැනි දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති අතරින් මෙය වඩාත් කැපී පෙනෙන එකක් වන අතර, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මේ වන විටත් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වීමට උත්සාහ දරමින් පවතිනවා.

Discussion & Feedback