ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිකිරීමට සැලසුම් කර ඇති දැවැන්ත ජයග්‍රාහී ආරුක්කුව හුදෙක් ස්මාරකයක් පමණක් නොව, එය හමුදාමය කටයුතු සඳහාත් යොදා ගැනීමට තීරණය කරලා තියෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සහ හමුදාවේ දැඩි ඉල්ලීම මත මෙම සැලසුම වෙනස් කළ බවයි ට්‍රම්ප් පවසන්නේ. මේ ආරුක්කුව ඇතුළත විශාල වශයෙන් යුද උපකරණ සහ පතොරම් ගබඩා කිරීමටත්, අවශ්‍ය අවස්ථාවකදී ඩ්‍රෝන යානා සහ ස්නයිපර් වෙඩික්කරුවන් යොදවන්නත් හැකි ආකාරයට නවීකරණය කරන බව ඔහු සඳහන් කරනවා. ලෝකයේ කිසිම තැනක මෙවැනි පහසුකම් සහිත ආරුක්කුවක් නැති බවත්, වොෂින්ටන් නුවරට මෙවැනි දෙයක් අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
අඩි 250ක් උසැති මෙම දැවැන්ත ආරුක්කුව ඉදිකිරීමට නියමිතව ඇත්තේ වොෂින්ටන් නුවරට යාබදව පොටෝමැක් ගඟ අසලයි. මෙහි මුදුනේ රන්වන් පැහැති නිදහසේ දේවතාවියගේ ප්‍රතිමාවක් සහ රාජාලීන් දෙදෙනෙකු ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙය ලින්කන් ස්මාරකයට වඩා උසින් වැඩි වන අතර, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ සිදුකරන දැවැන්තම ඉදිකිරීම් ව්‍යාපෘතිය මෙයයි. මීට පෙර ඔහු වයිට් හවුස් ශාලා සහ උද්‍යාන ප්‍රතිසංස්කරණය කිරීමටත් විශාල මුදලක් වැය කර තිබුණා. කෙසේ වෙතත්, මෙම නව හමුදාමය සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අමතර අවසරයන් අවශ්‍යද යන්න පිළිබඳව තවමත් පැහැදිලි නැහැ.

Discussion & Feedback