ඇමරිකාව සහ කැනඩාව අතර පැවති වෙළඳ සාකච්ඡා බිඳ වැටීමත් සමඟ දෙරට අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන්නේ කැනඩාව ඇමරිකාවේ 51 වැනි ප්රාන්තයක් වීමේ ප්රතිලාභ ලබා ගැනීමට උත්සාහ කරන බවයි. මේ තත්ත්වය මත කැනඩාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක නව තීරු බදු පැනවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. ට්රම්ප් පවසන්නේ වසර ගණනාවක් තිස්සේ ඇමරිකානු ගොවීන්ගෙන් විශාල බදු මුදලක් අය කර ඇති බවත්, දැන් කැනඩාව සාධාරණ නොවන ඉල්ලීම් ඉදිරිපත් කරන බවත්ය.
කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි මේ තීරු බදු පැනවීම හඳුන්වා තිබෙන්නේ ඇමරිකාව විසින් එල්ල කළ ප්රහාරයක් ලෙසයි. ඔහු පවසන්නේ කැනඩාවට එල්ල වූ මේ අසාධාරණ බදු පැනවීම්වලට එරෙහිව සැප්තැම්බර් 8 වැනිදා සිට ඇමරිකානු භාණ්ඩ සඳහා ද සමාන බදු පැනවීමට කටයුතු කරන බවයි. මේ වන විට දෙරට අතර වෙළඳ යුද්ධයක් ආරම්භ වී ඇති බවත්, ඇමරිකාව ඉදිරිපත් කළ කොන්දේසි කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඔහු අවධාරණය කරනවා. කැනඩාවේ විපක්ෂ නායකයින් සහ පළාත් නායකයින් ද අගමැතිවරයාගේ මෙම තීරණයට සහය පළ කරමින් පවසන්නේ ඇමරිකාවේ මෙම ක්රියාව කැනඩාවේ ස්වාධීනත්වයට බාධාවක් බවයි.
දෙරටේම නියෝජිතයින් එකිනෙකාට චෝදනා කරගන්නා අතර, දැනට සාකච්ඡා නැවත ආරම්භ කිරීමට කිසිදු සැලැස්මක් නැති බව ඇමරිකානු වෙළඳ නියෝජිතයින් පවසනවා. මෙම වෙළඳ ගැටුම ගෝලීය ආර්ථිකයටත් විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවටයි විචාරකයින් අනතුරු අඟවන්නේ.

Discussion & Feedback