ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන වරායන් සහ නෞකා ඉලක්ක කර ගනිමින් නව නාවික අවහිරයක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කර තිබෙනවා. ඒ වගේම හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන භාණ්ඩ ප්‍රවාහන නෞකා සඳහා 20%ක විශේෂ බද්දක් අය කිරීමටත් ඇමරිකාව තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීම වෙනුවෙන් වැය වන මුදල් පියවා ගැනීමට මෙම පියවර ගන්නා බව ට්‍රම්ප් පවසනවා. කෙසේ වෙතත්, මෙම බද්ද අය කරන්නේ කෙසේද හෝ එය ක්‍රියාත්මක කරන්නේ කුමන ආකාරයකටද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු පැහැදිලි තොරතුරක් අනාවරණය වී නැහැ.
ලෝකයේ තෙල් සහ ගෑස් ප්‍රවාහනය සඳහා ඉතාමත් වැදගත් මාර්ගයක් වන හොර්මුස් සමුද්‍ර සන්ධිය තමන්ගේ ආරක්ෂාව යටතේ ඕනෑම අවස්ථාවක විවෘතව පවතින බව ඇමරිකාව අවධාරණය කරනවා. ඉරානය සහ ඇමරිකාව අතර පවතින උණුසුම් තත්ත්වයත් සමඟ මෙම තීරණය ගෙන ඇති අතර, ඉරානය මීට පෙර එම සමුද්‍ර සන්ධිය අනවසර නෞකා සඳහා වසා දමන බව ප්‍රකාශ කර තිබුණා. ඇමරිකාවේ මෙම නව තීරණයත් සමඟ ගෝලීය වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමේ අවදානමක් මතුව ඇති අතර, ලෝක ආර්ථිකයට මෙයින් විශාල බලපෑමක් එල්ල වේවිද යන්න පිළිබඳව ලෝක ප්‍රජාව දැඩි අවධානයකින් පසුවනවා.

Discussion & Feedback