ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනඩාව සහ ඇමරිකාව අතර පවතින ඔන්ටාරියෝ විලෙහි නම ‘ලේක් ඇමරිකා’ (Lake America) ලෙස වෙනස් කිරීමට විශේෂ විධානයක් නිකුත් කර තිබෙනවා. කැනඩාව සමඟ පැවති වෙළඳ සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් ඇපල් සමාගමට කෙලින්ම දැනුම් දී ඇති බව අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් සඳහන් කරනවා. දැනටමත් ගූගල් සිතියම් තුළ ඇමරිකානු පරිශීලකයන්ට මෙම නව නම දැකගන්න ලැබුණත්, කැනේඩියානු පරිශීලකයන්ට තවමත් එය ඔන්ටාරියෝ විල ලෙසම දර්ශනය වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත්, කැනඩාව මෙම තීරණයට දැඩි ලෙස විරෝධය පළ කරනවා. ඔන්ටාරියෝ ප්‍රාන්තයේ අගමැති ඩග් ෆෝඩ් පවසන්නේ සියවස් ගණනාවක් තිස්සේ පැවති මෙම නම කිසිවෙකුටත් වෙනස් කළ නොහැකි බවයි. ඒ වෙනුවෙන් ඔහු විල අසල ‘ඔන්ටාරියෝ විල – දැන් සහ සැමදා’ යනුවෙන් දැවැන්ත පුවරුවක් පවා සවිකර තිබෙනවා. මේ අතර, නම වෙනස් කිරීමට විරුද්ධ වූ ‘MapQuest’ සිතියම් සේවාවට කැනේඩියානුවන්ගෙන් විශාල සහයෝගයක් ලැබී ඇති අතර, එය මේ වන විට කැනඩාවේ වැඩිපුරම බාගත කළ ඇප් එක බවට පත්ව තිබෙනවා. ඔන්ටාරියෝ, හියුරන්, මිචිගන් සහ ඊරි යන විල්වල නම් ස්වදේශික භාෂාවලින් පැවත එන ඒවා නිසා, මෙම නම වෙනස් කිරීමේ උත්සාහය බොහෝ දෙනාගේ විවේචනයට ලක්වෙමින් පවතිනවා.

Discussion & Feedback