ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් හඳුන්වා දුන් $TRUMP නම් වූ ‘මීම් කොයින්’ (memecoin) ආයෝජනය කිරීමෙන් ලක්ෂ දහයකට ආසන්න පිරිසකට ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව නෑන්සන් (Nansen) නම් ක්‍රිප්ටෝ විශ්ලේෂණ ආයතනය අනාවරණය කරනවා. ජුනි මාසය අවසන් වන විට මෙම කාසි මිලදී ගත් පුද්ගලයින්ගෙන් තුනෙන් දෙකක්ම දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. මීට පෙර ඩොලර් 75.35ක් වැනි ඉහළ අගයක පැවති මෙම කාසියක වටිනාකම මේ වන විට ඩොලර් 1.69 දක්වා සියයට 98කින් පමණ පහත වැටීම මෙයට ප්‍රධාන හේතුවයි.
ට්‍රම්ප් සිය ධුරයේ වැඩ භාර ගැනීමට දින තුනකට පෙර මෙම කාසිය හඳුන්වා දුන් අතර, ඔහුගේ පුතුන් සමඟ එක්ව ආරම්භ කළ ‘වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල්’ ව්‍යාපෘතියේ $WLFI කාසියත් මේ වන විට විශාල ලෙස කඩා වැටී තිබෙනවා. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ මූල්‍ය වාර්තාවලට අනුව ඔහු මෙම ක්‍රිප්ටෝ ව්‍යාපෘති හරහා පසුගිය වසරේදී ඩොලර් බිලියන 1.4ක ආදායමක් ලබාගෙන ඇති අතර, ඉන් ඩොලර් මිලියන 636ක්ම ලැබී ඇත්තේ මෙම $TRUMP කාසියෙනි. මේ අතර, ට්‍රම්ප් පාලනය යටතේ ක්‍රිප්ටෝ සමාගම්වලට එරෙහිව පැවති නඩු ගණනාවක් ඉවත් කර ගැනීමටත්, මීම් කොයින් සඳහා දැඩි නියාමන නීති නොපැනවීමටත් තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ සියල්ල මැද සාමාන්‍ය ආයෝජකයින්ට තම මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වී යාම මේ වන විට ලෝකයේම අවධානයට ලක්ව තිබෙනවා.

Discussion & Feedback