ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ‘ටෘත් සෝෂල්’ (Truth Social) සමාජ මාධ්‍ය වේදිකාව හරහා විශේෂ ගෙවීම් සේවාවක් හඳුන්වා දීමට ට්‍රම්ප් මීඩියා ඇන්ඩ් ටෙක්නොලොජි සමූහය කටයුතු කරමින් ඉන්නවා. මේ නව සේවාව හරහා වෙළඳපොළට බලපෑම් කළ හැකි ට්‍රම්ප්ගේ වැදගත් සටහන් ඉතා වේගයෙන්, එනම් මිලි තත්පර කිහිපයක් ඇතුළත වෝල් වීදිය ඇතුළු මූල්‍ය ආයතන වෙත ලබා දීමට නියමිතයි. අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන මෙම ‘ටෘත් ඒපීඅයි’ (Truth API) සේවාව මගින්, වෙළඳපොළ ගනුදෙනුකරුවන්ට තොරතුරු ප්‍රමාදයකින් තොරව ලබාගෙන වාසි ලබාගන්න පුළුවන් වෙනවා.
මේ වන විට පාඩු ලබමින් පවතින ට්‍රම්ප්ගේ සමාගමට මෙය ස්ථාවර ආදායම් මාර්ගයක් වේවි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් ට්‍රම්ප් සමාජ මාධ්‍යයේ පළ කරන අදහස් නිසා ලෝක වෙළඳපොළේ විශාල වෙනස්කම් සිදුවෙනවා. ඒ නිසාම මූල්‍ය ආයතනවලට මේ තොරතුරු ඉක්මනින් ලැබීම ඉතා වැදගත්. මීට පෙර ඇතැම් ආයතන අවසරයකින් තොරව මේ දත්ත ලබාගෙන තිබුණත්, ඉදිරියේදී එවැනි ක්‍රම අවහිර කරමින් නිල දත්ත සැපයුම හරහා පමණක් තොරතුරු ලබා ගැනීමට ඔවුන්ව පොළඹවා ගැනීමට සමාගම සැලසුම් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයෙකුගේ ප්‍රසිද්ධ ප්‍රකාශයන් මෙලෙස මුදල් ගෙවා ලබාගන්නා සේවාවකට ඇතුළත් කිරීම අසාමාන්‍ය සහ පෙර නොවූ විරූ තත්ත්වයක් බවයි විචාරකයන් පවසන්නේ. මේ හරහා ට්‍රම්ප්ගේ පෞද්ගලික ව්‍යාපාර සහ ඔහුගේ දේශපාලන භූමිකාව අතර පවතින ගැටුම ගැනත් බොහෝ දෙනා කතාබහ කරනවා. කෙසේ වෙතත්, මෙම සේවාව සඳහා අය කරන ගාස්තුව පිළිබඳව තවමත් නිල තොරතුරක් අනාවරණය වී නැහැ.

Discussion & Feedback