ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගියදා හියුස්ටන් නුවර පිහිටි නාසා ආයතනයේ සංචාරයක නිරත වෙමින් අලුත්ම යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ තමයි ‘ඇමරිකානු අභ්යවකාශ ඇකඩමියක්’ (US Space Academy) පිහිටුවීම. මේ ඇකඩමිය හමුදා පුහුණු පාසල්වලට සමාන ආකාරයකින් ක්රියාත්මක කිරීමටයි ඔහු බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා ජනාධිපතිවරයා විශේෂ විධානයකට අත්සන් තැබූ අතර, ඉදිරි දින 120 ඇතුළත මෙහි ශක්යතාව පිළිබඳව වාර්තාවක් ලබා දීමට විශේෂ කොමිෂන් සභාවක් ද පත් කර තිබෙනවා. ජැරඩ් අයිසැක්මන්ගේ ප්රධානත්වයෙන් යුත් මෙම කමිටුවට ආරක්ෂක ලේකම්වරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඇතුළත් වෙනවා.
කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් අතර විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. ප්රධානම ගැටලුව වෙලා තියෙන්නේ නාසා ආයතනය කියන්නේ සිවිල් ආයතනයක් වීමයි. නමුත් මෙම ඇකඩමිය හමුදාමය ස්වරූපයකින් ක්රියාත්මක වුවහොත්, දශක ගණනාවක් තිස්සේ පැවති නාසා ආයතනයේ සිවිල් ස්වාධීනත්වය සහ හමුදාමය අභ්යවකාශ මෙහෙයුම් අතර තිබෙන පැහැදිලි සීමාව බොඳ වී යා හැකි බවට විචාරකයින් අනතුරු අඟවනවා. ඇත්තටම මේ ඇකඩමිය තුළ උගන්වන්නේ මොනවාද සහ එහි සිසුන්ගේ කාර්යභාරය කුමක්ද යන්න තවමත් පැහැදිලි නැහැ. මේ යෝජනාව ඇමරිකාවේ අභ්යවකාශ ප්රතිපත්තියේ විශාල වෙනසක් ඇති කරාවිද යන්න ඉදිරියේදී බලාගන්න පුළුවන්.

Discussion & Feedback