චීනය ලෝකයේ ප්‍රධානතම චිප් සහ සූර්ය පැනල නිෂ්පාදන අමුද්‍රව්‍යයක් වන පොලිසිලිකන් නිෂ්පාදනයේ පෙරමුණේ ඉන්නවා. මේ තත්ත්වය පාලනය කරන්න සහ ඇමෙරිකානු නිෂ්පාදකයන් ආරක්ෂා කරන්න ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ නියෝගයකට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව, පොලිසිලිකන් ආශ්රිත ආනයනික නිෂ්පාදන සඳහා සියයට 15ක බද්දක් පැනවීමට සහ අවම ආනයන මිලක් නියම කිරීමට පියවර ගෙන ඇති අතර, මෙම තීරණය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඇමෙරිකාවේ පොලිසිලිකන් නිෂ්පාදනය 2005 වසරේදී සියයට 50ක් ලෙස පැවතුණත්, 2024 වන විට එය සියයට 2කටත් වඩා පහළ වැටීම නිසා මෙම පියවර ගත් බව ට්‍රම්ප් පවසනවා.
මෙම තීරණයට චීනය දැඩි ලෙස විරෝධය පළ කර තිබෙනවා. වොෂින්ටනයේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ ඇමෙරිකාව රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කරමින් චීන ව්‍යාපාර ඉලක්ක කරන බවයි. මෙය දෙරට අතර වෙළඳ සබඳතාවලට බාධාවක් බවත්, තම සමාගම් ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත්, කෘතිම බුද්ධිය (AI) සහ යුධ උපකරණ නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන චිප් තාක්ෂණය අතින් චීනයට ඇති ආධිපත්‍යය බිඳ දැමීමට ඇමෙරිකාව මේ හරහා උත්සාහ කරන බව විචාරකයන් පෙන්වා දෙනවා. ඉදිරියේදී ඇමෙරිකාව දේශීය නිෂ්පාදනය දිරිමත් කිරීමට විවිධ දිරිගැන්වීම් ලබා දීමටත් සැලසුම් කර තිබෙනවා.

Discussion & Feedback