ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තුර්කියේ පැවති නේටෝ සමුළුවකින් අනතුරුව ඉතා රහසිගතව ගුවන් යානයක් මාරු කර තිබෙනවා. ඉරානයෙන් එල්ල විය හැකි මිසයිල ප්රහාරයක තර්ජනයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කැමරා ඉදිරිපිට පැරණි එයාර් ෆෝස් වන් යානයට ගොඩවන අයුරු පෙන්වූ ට්‍රම්ප්, පසුව ආහාර ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් ආධාරයෙන් රහසිගතව වෙනත් කුඩා හමුදා යානයකට මාරු වී තිබෙනවා. මේ බව යානයේ සිටි මාධ්‍යවේදීන්ට හෝ කාර්ය මණ්ඩලයට පවා දැනගන්නට ලැබුණේ නැහැ.
මෙම සිදුවීම ඇත්තටම චිත්‍රපටයක දර්ශනයක් වගේ. ට්‍රම්ප් ගමන් කළ යානයේ ජනේල තිර වසා තබන ලෙස මාධ්‍යවේදීන්ට උපදෙස් දී තිබුණේ ඔවුන්ව නොමඟ යැවීමටයි. පසුව බ්‍රිතාන්‍යයට ගොඩ බැසීමෙන් අනතුරුව ඔහු නැවතත් තමන්ට කටාර් රාජ්‍යයෙන් ලැබුණු නවීනතම යානයට මාරු වී ඇමරිකාව බලා පිටත්ව ගියා. තමන් ඉරානයේ ප්‍රධාන ඉලක්කය බවත්, තමන්ට නිරන්තරයෙන්ම ජීවිත තර්ජන එල්ල වන බවත් ට්‍රම්ප් පසුව මාධ්‍ය හමුවේ පවසා තිබුණා. කෙසේ වෙතත්, ධවල මන්දිරය මෙම රහසිගත ගුවන් යානා මාරුව පිළිබඳව නිල වශයෙන් තහවුරු කිරීමක් සිදු කර නැහැ.

Discussion & Feedback