ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසියුලාවේ පවතින බැරල් බිලියන 65කට අධික තෙල් සංචිතවල පාලනය තමන් යටතට ගැනීමට අදාළව ඉතා වැදගත් ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. මේ හරහා ඇමරිකාවේ තෙල් සංචිත ප්‍රමාණය දෙගුණයකින් වැඩි කර ගැනීමටත්, එරට ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහළ දැමීමටත් හැකි වනු ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ. වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් පවසන පරිදි, මෙම වසර 25ක ගිවිසුම මගින් එරට ආර්ථිකය යළි නගාසිටුවීමටත්, තෙල් නිෂ්පාදනය දිනකට බැරල් මිලියන 1.5 දක්වා ඉහළ දැමීමටත් අපේක්ෂා කරනවා.
මෙම ගිවිසුම යටතේ ඇමරිකාව සහ වෙනිසියුලාව අතර හවුල් ව්‍යාපාරයක් ආරම්භ වන අතර, එහි 55%ක පාලනය ඇමරිකානු රජය සතු වනවා. මේ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 100කට අධික ආයෝජනයක් ලැබෙනු ඇති බවත්, එයින් දහස් ගණනකට රැකියා අවස්ථා උදාවන බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පවසනවා. කෙසේ වෙතත්, වෙනිසියුලාවේ දේශපාලන විරුද්ධවාදීන් සහ ඇතැම් විශ්ලේෂකයන් මෙම ගිවිසුමේ විනිවිදභාවය සහ නීතිමය පසුබිම පිළිබඳව දැඩි සැකයක් මතු කර තිබෙනවා. වෙනිසියුලාවේ ව්‍යවස්ථාවට අනුව මෙවැනි ගිවිසුමක් වලංගු වන්නේද යන්න පිළිබඳව තවමත් ගැටලු පවතින අතර, ගිවිසුමේ නිල පිටපතක් තවමත් ප්‍රසිද්ධ කර නොමැති වීම විශේෂත්වයක්.
මෙම පියවර ඇමරිකාවට විශාල ජයග්‍රහණයක් ලෙස සැලකුවත්, වෙනිසියුලාවේ පවතින දූෂණ සහ අස්ථාවර තත්ත්වයන් හමුවේ මෙම ව්‍යාපෘතිය කෙතරම් සාර්ථක වේද යන්න ඉදිරියේදී බලාගන්න පුළුවන්. ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ ගිය ඉන්ධන මිල පාලනය කර ගැනීමට ට්‍රම්ප් ගත් මෙම තීරණය ලෝක බලශක්ති වෙළඳපොළට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවටයි විචාරකයන් පවසන්නේ.

Discussion & Feedback