ඇමරිකානු පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන ප්‍රහාරක ක්‍රීඩකයෙක් වන ෆොලාරින් බලෝගුන්ට පනවා තිබූ එක් තරගයක තහනම ඉවත් කිරීමට ෆිෆා (FIFA) ආයතනය පියවර ගැනීමත් සමඟ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සතුට පළ කර තිබෙනවා. බොස්නියා සහ හර්සගොවිනා කණ්ඩායම සමඟ පැවති තරගයේදී බලෝගුන්ට රතු කාඩ්පතක් ලැබීම නිසා ඔහුට බෙල්ජියම සමඟ පැවැත්වෙන තීරණාත්මක වටයේ තරගය අහිමි වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, ෆිෆා විනය කමිටුව විසින් ඔවුන්ගේ විනය සංග්‍රහයේ 27 වන වගන්තිය යටතේ මෙම තහනම වසරක කාලයකට අත්හිටුවීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ඔහුට බෙල්ජියම සමඟ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව දැන් හිමිව තිබෙනවා.
මෙම තීරණය සම්බන්ධයෙන් සිය ‘ටෘත් සෝෂල්’ ගිණුම හරහා අදහස් දක්වමින් ට්‍රම්ප් පවසා ඇත්තේ ෆිෆා ආයතනය ඉතා සාධාරණ තීරණයක් ගෙන ඇති බවයි. මීට පෙර ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝටත් මෙවැනිම සහනයක් ලැබුණු අතර, එයට සමානව බලෝගුන්ටත් මෙම අවස්ථාව ලැබීම ඇමරිකානු කණ්ඩායමට විශාල ශක්තියක් වී තිබෙනවා. මේ වන විට තරගාවලියේ ගෝල තුනක් වාර්තා කරමින් දක්ෂතා අතර සිටින බලෝගුන්ගේ සහභාගීත්වය බෙල්ජියම සමඟ පැවැත්වෙන තරගයේදී ඇමරිකාවට අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට විශාල පිටුවහලක් වනු ඇති බවයි ක්‍රීඩා විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback