ඇමරිකාවේ 250 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වුණු උත්සවයකදී හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ඉතා විශේෂ තෑග්ගක් නාසා ආයතනයේ ආටෙමිස් (Artemis) ගගනගාමීන් වෙත පිරිනැමුවා. ඒ, ඉදිරියේදී සඳ මත ගොඩබසින විට එහි සිටුවීම සඳහා ඇමරිකානු කැපිටල් ගොඩනැගිල්ලට ඉහළින් ලෙලදුන් විශේෂ ජාතික ධජයක්. මෙම අවස්ථාවට ඇපලෝ 17 මෙහෙයුමේ ගගනගාමී ජැක් ෂ්මිට් සහ ආටෙමිස් II මෙහෙයුමේ සාමාජිකයන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්රිස්ටිනා කොච් සහ ජෙරමි හැන්සන් එක්ව සිටියා. මෙය ඇමරිකානු අභ්යවකාශ ඉතිහාසයේ පැරණි පරම්පරාව සහ නව පරම්පරාව අතර ඇති බැඳීම සංකේතවත් කරන ඉතා හැඟීම්බර අවස්ථාවක් වුණා.
පසුගිය අප්රේල් මාසයේදී ආටෙමිස් II මෙහෙයුම හරහා සඳ වටා සාර්ථක ගමනක් ගිය මෙම කණ්ඩායම, මිනිස් ඉතිහාසයේ පෘථිවියෙන් වැඩිම දුරක් ගමන් කළ පිරිස ලෙස වාර්තා පොත් අතරට එක්වුණා. මේ වන විට නාසා ආයතනය 2027 සහ 2028 වසරවලදී ක්රියාත්මක කිරීමට නියමිත ආටෙමිස් III සහ IV මෙහෙයුම් සඳහා දැඩි සූදානමකින් පසුවනවා. විශේෂයෙන්ම ආටෙමිස් IV මෙහෙයුම හරහා නැවත වරක් මිනිසුන් සඳ මතුපිටට ගොඩබෑමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා. ට්රම්ප් විසින් ලබාදුන් මෙම ධජය ඉදිරියේදී සඳ මත සිටුවනු ලබන පළමු ධජය වනු ඇති අතර, එය ඇමරිකාවේ අභ්යවකාශ ජයග්රහණවල තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ඉතිහාසයට එක්වනු නොඅනුමානයි.

Discussion & Feedback