ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ සුළං බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් දැඩි තීරණයක් අරගෙන තියෙනවා. ඒ අනුව, ජර්මනියේ ප්‍රධාන පෙළේ බලශක්ති සමාගමක් වන RWE සමාගම ඇමරිකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සියලුම වෙරළාසන්න සුළං බලශක්ති ව්‍යාපෘති අත්හැර දැමීමට එකඟ වෙලා තියෙනවා. මේ වෙනුවෙන් ඇමරිකානු රජය එම සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක වන්දියක් ගෙවීමටයි කටයුතු කරලා තියෙන්නේ. මේ මුදල ලැබීමත් එක්ක RWE සමාගම තමන්ගේ ආයෝජන ස්වභාවික ගෑස් ව්‍යාපෘති වෙත යොමු කිරීමට තීරණය කරලා තියෙනවා.
ට්‍රම්ප් ජනාධිපතිවරයා කලක පටන්ම සුළං බලශක්තියට එරෙහිව අදහස් දක්වමින් ඉන්න කෙනෙක්. ඔහු නිතරම කියන්නේ සුළං ටර්බයින කියන්නේ පරිසරයට අහිතකර, අවලස්සන දේවල් කියලා. ඒ නිසාම ඔහු බලයට පත් වුණාට පස්සේ පොසිල ඉන්ධන භාවිතය වැඩි කිරීමට සහ සුළං බලශක්ති ව්‍යාපෘති නතර කිරීමට පියවර ගනිමින් ඉන්නවා. මේ වන විටත් ට්‍රම්ප් පාලනය TotalEnergies සහ Duke Energy වැනි සමාගම් සමඟත් මෙවැනිම ගිවිසුම්වලට එළඹිලා තියෙනවා. ඇමරිකාවේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කරන්න නම් මෙවැනි තීරණ අත්‍යවශ්‍ය බවයි ඇමරිකානු අභ්‍යන්තර කටයුතු ලේකම් ඩග් බර්ගම් පවසන්නේ. කෙසේ වෙතත්, මේ තීරණයත් සමඟ ඇමරිකාවේ හරිත බලශක්ති ඉලක්කවලට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා.

Discussion & Feedback