ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් තවත් සුළං බලශක්ති ව්‍යාපෘතියක් නතර කිරීම සඳහා ජර්මනියේ RWE සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක වන්දියක් ගෙවීමට තීරණය කරලා තියෙනවා. කැලිෆෝනියා, ලුසියානා සහ නිව්යෝර්ක් වෙරළ තීරයන් ආශ්‍රිතව ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම සුළං බලාගාර ව්‍යාපෘති මෙලෙස අවලංගු කර තිබෙන්නේ පරිසර හිතකාමී බලශක්තිය වෙනුවට පොසිල ඉන්ධන වෙත නැඹුරු වීමේ අරමුණින්. මේ වන විට ට්‍රම්ප් පාලනය මෙවැනි ව්‍යාපෘති 12ක් නතර කිරීම සඳහා පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.93කට අධික මුදලක් වැය කර තිබීම විශේෂත්වයක්.
ලැබුණු වාර්තාවලට අනුව, RWE සමාගම මෙම මුදලින් කොටසක් ලුසියානාහි ද්‍රව ස්වාභාවික වායු පර්යන්තයක කොටස් මිලදී ගැනීමටත්, ඉතිරි මුදලින් ස්වාභාවික වායු ටර්බයින මිලදී ගැනීමටත් යොදා ගන්නා බව පවසා තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ටර්බයින මගින් ක්‍රියාත්මක වන බලාගාර පරිසරයට වැඩි හානියක් සිදු කරන සහ අධික වියදම් සහිත ඒවා බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. මේ වන විටත් ලෝකයේ බොහෝ රටවල් පුනර්ජනනීය බලශක්තිය දෙසට හැරෙමින් පවතින පසුබිමක, ඇමරිකාව මෙවැනි තීරණ ගැනීම ලෝක බලශක්ති ක්ෂේත්රයේ විශාල කතාබහකට ලක්ව තිබෙනවා. RWE සමාගම ඇමරිකාවේ ව්‍යාපෘති නතර කළත්, බ්‍රිතාන්‍යයේ සුළං බලශක්ති ව්‍යාපෘති සඳහා විශාල ආයෝජනයක් කිරීමට තවමත් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

Discussion & Feedback