ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් මීට පෙර තහනම් කර තිබූ ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ප්‍රබල සයිබර් ආරක්ෂණ මාදිලියක් වන ‘Mythos 5’ නැවත භාවිතයට අවසර ලබා දී තිබෙනවා. පසුගිය කාලයේ ආරක්ෂක හේතූන් මත මෙම තාක්ෂණය වෙළඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගත්තත්, මේ වන විට ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ආයතන සහ රජයේ ආයතන 100කට අධික සංඛ්‍යාවකට එය නැවත ලබා දීමට රජය තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම, මෙම ආයතනවල සේවය කරන ඇමරිකානු නොවන ජාතිකයන්ට පවා මෙම තාක්ෂණය භාවිතා කිරීමට අවස්ථාව ලැබීම මෙහි ඇති විශේෂත්වයක්.
වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් පවසන පරිදි, මෙම තාක්ෂණය ආරක්ෂිතව භාවිත කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර මේ වන විට ගෙන තිබෙනවා. කෙසේ වෙතත්, ‘Fable 5’ නමැති අනෙක් මාදිලිය සම්බන්ධයෙන් රජය තවමත් නිශ්චිත තීරණයක් ගෙන නැහැ. ඇන්ත්‍රොපික් සමාගම පවසන්නේ තමන් ඇමරිකානු රජය සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවත්, ඉදිරියේදී මෙම තාක්ෂණයන් තවදුරටත් පුළුල් ලෙස භාවිතයට ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවත්ය. රටේ තීරණාත්මක යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ඉතා වැදගත් බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Discussion & Feedback