ඇමරිකාවේ ට්‍රම්ප් පාලනය යටතේ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන නිෂ්පාදනයට අදාළ නීති රීතිවල විශාල වෙනසක් සිදු කිරීමට සූදානම් වෙනවා. මේ යෝජනාවට අනුව, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව ධාවනය වන වාහනවල තිරිංග පැඩලයක් (brake pedal) තිබීම අනිවාර්ය නොවන තත්ත්වයක් ඇති වෙනවා. මේ වෙනස විශේෂයෙන්ම ටෙස්ලා වැනි සමාගම්වලට ලොකු වාසියක් වෙන්නේ, ඔවුන් දැනටමත් සුක්කානමක් හෝ පැඩල් නොමැතිව ධාවනය වන ‘සයිබර්කැබ්’ වැනි වාහන නිර්මාණය කරමින් සිටින නිසයි. දැනට පවතින නීති අනුව මෙවැනි වාහන පාරට ගේන්න නම් විශේෂ අවසරයක් ලබා ගත යුතු වුණත්, මේ නව යෝජනාව ක්‍රියාත්මක වුණොත් එම බාධක ඉවත් වී ස්වයංක්‍රීය වාහන නිෂ්පාදනය වේගවත් වනු ඇතැයි අපේක්ෂා කරනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය පවසන්නේ, මෙය වාහන තාක්ෂණයේ විශාල විප්ලවයක් බවයි. ඇමරිකාව මේ ක්ෂේත්රයේ පෙරමුණ ගැනීමට නම් අනවශ්‍ය නීති රීති ඉවත් කර නවීන තාක්ෂණයට ඉඩ දිය යුතු බව ඔවුන් විශ්වාස කරනවා. කෙසේ වෙතත්, මේ යෝජනාවට මහජනතාවට දින 30ක් ඇතුළත තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා. දැනටමත් ටෙස්ලා සමාගම ටෙක්සාස් ප්‍රාන්තයේ රියදුරන් නොමැතිව වාහන ධාවනය කිරීමේ අත්හදා බැලීම් සිදු කරමින් සිටින අතර, ඉදිරියේදී මේ නීති වෙනස් වීමත් සමඟ ස්වයංක්‍රීය රථ සේවාවන් තවත් පුළුල් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback