තායිලන්තයට සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න ශ්රී ලාංකිකයන්ට වැදගත් පුවතක් තියෙනවා. තායි රජය විසින් ගෙන තිබෙන නව තීරණයකට අනුව, එළඹෙන සැප්තැම්බර් 15 වැනිදා සිට ශ්රී ලාංකික ගමන් බලපත්ර හිමියන්ට මෙතෙක් ලැබී තිබූ වීසා රහිතව රටට ඇතුළු වීමේ අවස්ථාව අහෝසි වෙලා තියෙනවා. ජාතික ආරක්ෂාව සහ සංචාරක ක්ෂේත්රයේ වෙනස්කම් වගේ කරුණු කිහිපයක් සැලකිල්ලට අරගෙන තමයි තායි රජය මේ තීරණය අරගෙන තියෙන්නේ. ඒ නිසා සැප්තැම්බර් 15 වැනිදායින් පස්සේ තායිලන්තයට යන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම ගමනට කලින් තමන්ට ගැළපෙන වීසා එක ලබාගෙන යන්න ඕනේ.
මේ වීසා ලබා ගැනීමේ ක්රියාවලිය දැන් සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ක්රමයට තමයි සිද්ධ වෙන්නේ. කොළඹ තියෙන තායි තානාපති කාර්යාලයට ගිහින් වීසා අයදුම්පත් භාර දෙන්න බැහැ. ඒ නිසා ඔයාලට තායිලන්තයේ නිල e-Visa පද්ධතිය හරහා තමයි වීසා එකට අයදුම් කරන්න සහ අදාළ ගෙවීම් කරන්න වෙන්නේ. සැප්තැම්බර් 15 වැනිදාට කලින් තායිලන්තයට ඇතුළු වෙන අයට නම් දැනට තියෙන නීති අනුව ඔවුන්ට ලැබුණු කාලය ඉවර වෙනකම් එහෙ ඉන්න පුළුවන්. ඒත් ඊට පස්සේ යන අයට නම් අනිවාර්යයෙන්ම කලින් වීසා එකක් හදාගෙන යන්නම වෙනවා. ඒ නිසා තායිලන්තයට යන්න ඉන්න අය මේ ගැන කලින්ම සැලකිලිමත් වෙලා කටයුතු කරන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ.

Discussion & Feedback