ජනප්රිය සංචාරක ඇප් එකක් වන Hopper සමාගම මේ දිනවල ලොකු ප්රශ්නයකට මුහුණ දීලා තියෙනවා. ඒ ඇමරිකානු ෆෙඩරල් වෙළඳ කොමිෂන් සභාව (FTC) විසින් ගොනු කරපු නඩුවක් නිසා. Hopper ඇප් එක හරහා ගුවන් ගමන් සහ හෝටල් වෙන් කරද්දී පාරිභෝගිකයන්ට නොදැනීම සැඟවුණු ගාස්තු අය කිරීම සහ වැරදි තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් තමයි මේ චෝදනා එල්ල වෙලා තියෙන්නේ. මේ නිසා ඔවුන්ට ඇමරිකානු ඩොලර් මිලියන 35ක වන්දියක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා.
විශේෂයෙන්ම ‘VIP Support’ සහ ‘Price Freeze’ වගේ සේවාවන්වලදී පාරිභෝගිකයන්ව නොමඟ යවන ආකාරයේ නිර්මාණ රටා (Dark Patterns) භාවිතා කරලා තියෙනවා කියලා FTC එක හොයාගෙන තියෙනවා. ගොඩක් අය හිතුවේ මේවා අමතර පහසුකම් කියලා වුණත්, ඇත්තටම ඒ සඳහා අමතර මුදලක් අය කරලා තියෙන්නේ පාරිභෝගිකයන්ටත් නොදැනෙන්නයි. මේ ගාස්තු ඇප් එකේ පහළටම ගිහින් බැලුවොත් විතරයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම ‘Price Freeze’ සේවාව හරහා මිල ස්ථාවර කරනවා කියලා කිව්වත්, ඒකෙත් සීමාවන් පැහැදිලිව සඳහන් කරලා තිබුණේ නැහැ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වපු Hopper සමාගමේ ප්රකාශකයෙක් කිව්වේ, මේ චෝදනා පරණ දේවල් බවත්, දැනටමත් ඔවුන් ඒ ක්රමවේද වෙනස් කරලා තියෙන බවත්. කෙසේ වෙතත්, ඉදිරියේදී පාරිභෝගිකයන්ට ගෙවන්න තියෙන මුළු මුදල ගැන පැහැදිලිව දැනගන්න ලැබෙන විදිහට කටයුතු කරන්න කියලා ඔවුන්ට නියෝග කරලා තියෙනවා. මේ වන්දිය පාරිභෝගිකයන්ට නැවත ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් වෙනවා.

Discussion & Feedback